Colombo Today Local News

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් වෙළඳපලට

නිසි ප්‍රයෝජනයකට නොගැනීම නිසා වසරකට කජු පුහුලන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අපතේ යන බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා කාංචනී රත්නායක පැවසුවාය.

කජු මද සඳහා ඉල්ලුමක් පැවතියත්, කජු පුහුලමෙන් නිසි ප්‍රයෝජනයක් නොගන්නා නිසා ඒවා අපතේ යන බැවින් ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බවද සභාපතිවරිය කියයි.

කජු මද සඳහා මෙරට විශාල ඉල්ලුමක් පවතින බවත්, මෙරට වාර්ෂික කජු මද අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් විසි පන්දහසක් පමණ වුවත්, නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් දොළොස් දහසක් පමණක් බවද ඇය සඳහන් කළාය.

කජු පුහුලන් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත්, ඊට අදාළ පර්‌යේෂණ කටයුතු අවසන් කර තිබෙන බවත් කජු වයින් මේ වසරේදීම හඳුන්වාදීමට කටයුතු කරන බවද සභාපතිවරිය කියයි.

කජු පුහුලන් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීම සඳහා කජු සංස්ථාවට බලපත්‍රයක් තිබෙන බවත් ඇය සඳහන් කළාය.

මීට අමතරව, කජු පුහුලන් අපනයනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධව කජු සංස්ථාවේ අවදානය යොමු වී තිබේ.

කජු සංස්ථාවේ පර්‌යේෂණ අංශය සහ වයඹ විශ්වවිද්‍යාලය සමග එක්ව කජු මදයේ පොත්ත යොදාගෙන මදුරු දඟර නිෂ්පාදනය කිරීමට අදාළ පර්‌යේෂණ කටයුතුද අවසන් කර තිබෙන බව සභාපතිනි නීතිඥ සාරංගා කාංචනා රත්නායක පවසයි.

මෙරට අක්කර එක් ලක්ෂ පනස් දහසක පමණ භූමි ප්‍රදේශයක කජු වගා කර ඇත.

Related posts

මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලු තනතුරුවලින් ඉවත් කරයි

colombotoday

මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැදූ වෙබ් අඩවිය අක්‍රියයි

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද පොතක් එළි දකී !

colombotoday

දේපොළවලට හානි කිරීමෙන් වළකින්න – ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

සංචාරක හෝටල් සඳහා විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක්

colombotoday

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම්.

colombotoday