රත්නපුර නව නගරය ප්රදේශයේදී ඊයෙ පස්වරුවේ සිදුවූ මෙම රිය අනතුරින් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබින.
අධික වේගයකින් පැමිණි මෝටර් රථයක් යතුරුපැදි කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වූයේ.
කුරුවිට සිට රත්නපුරය දෙසට අධික වේගයෙන් ධාවනය වූ එම මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදි තුනක ගැටී ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.
තුවාල ලැබූ පුද්ගලයින් එම ස්ථානයේ සිටි පිරිස එක්ව කඩිනමින් රත්නපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.