Colombo Today Local News

ඩොලර් 48කට ගුවන් යානයක් රඳවා ගැනීමේ සිද්ධියට 3කගේ වැඩ තහනම්

ඩොලර් 48කට ජාත්‍යන්තර ගුවන් යානයක් රඳවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ (AASL) එදින සේවයේ නියුතු නිලධාරීන් තිදෙනෙකු තාවකාලික රාජකාරිවලින් ඉවත් කිරීමටත් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමටත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තීරණය කර ඇතැයි එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා පවසයි.

පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ජර්මනියේ ෆ්‍රැන්ෆර්ට් සිට මාලදිවයින දක්වා ගුවන් මගීන් 226 දෙනෙකු රැගෙන ගමන් කරමින් සිටියදී ජර්මනියේ Condor Air ගුවන් සමාගමට අයත් බෝයිං 767 වර්ගයේ DE2320/26SEP දරණ ගුවන් යානය හදිසියේ කළ ගොඩබැස්වීමට අදාලව මේ සිද්ධිය වාර්තා වී තිබුණි.

එම ගුවන් යානය නැවත පිටත්වීමට සුදානම් වූ අවස්ථාවේ නියමිත ගාස්තු ගෙවීම සඳහා පැය එකයි විනාඩි 45ක කාලයක් ගතකර තිබු බවත් තමන් අත පැහැදිලි වරද තිබියදී අදාල ජර්මන් ගුවන් යානය වැඩිපුර කාලයක් කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිටීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් 48ක ප්‍රමාද ගාස්තුවක් ද ගුවන් තොටුපල බලධාරීන් අයකිරීම නිසා රටම දැඩි අප්‍රසාදයකට ලක්ව තිබු බව වාර්තා වුණි.

එහෙත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සඳහන් කරන්නේ AICAO නීතියට අනුව ගැසට් කරන ලද මුදල් රෙගුලාසි යටතේ අදාළ මුදල අයකර ගැනීමට කටයුතු කර ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන තුරුත් අදාල ජර්මනියේ Condor Air ගුවන් සමාගමෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.

අදාල සිදුවීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යංශය ද අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එහි ප්‍රකාශකයෙකු පැවසිය.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

ජනපති ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තහනම් කරයි….

colombotoday

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

colombotoday

ජනතාවට පාපැදියෙන් රැකියාවට යන්න කියන අය යන්නේ V8 වල

colombotoday

අවුරුදු දවස් දෙකේ විදුලි කප්පාදුවක් නැහැ..

colombotoday

ගමේ හැමෝම මාලිමා ශාකා සමිතියට ආවොත් රට හදන්න පුලුවන්

Admin