Colombo Today Local News

මිහින්තලේ ඓතිහාසික සුලුගුලු විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියේ සී සෑමක්

ක්‍රිස්තු පූර්ව 238දී ඉදි කළ බව කියන මිහින්තලේ ඓතිහාසික සුලුගුලු විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමිය එහි විහාරාධිපති හිමියන් ට්‍රැක්ටර් දෙකක් යොදවා සී සෑමක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවට ගම්මාන තුනක වැසියෝ එම විහාරස්ථානය වැටලූහ .

මෙම සිද්ධියෙන් පසු අප කළ සංචාරයේ දී දැක ගැනීමට හැකි වූයේ ට්‍රැක්ටර් දෙකක් යොදවා පුරාවිද්‍යා ස්මාරක ඇති භූමිය සී -සා ඇති බවයි. එසේම එම සිද්ධියට විරුද්ධ වූ පොතාන,සුරැක් කුලම ,ගල් මඩුව යන ගම්මානවල වැසියෝ ද එම විහාරස්ථානයේ වැටලීම සඳහා පැමිණ සිටියහ.

මේ සිද්ධිය පිළිබඳව ඓතිහාසික මිහින්තලය සුළුගුළු විහාරයේ විහාරාධිපති අනුරාධපුර ධම්මාරාම හිමියෝ මෙසේ පැවැසුහ.

මෙම විහාරස්ථානයට කිසිදු ආදායම් මාර්ගයක් නැහැ .ඒ නිසා මම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ගෙන් කළ ඉල්ලීමකට අනුව ගොවිතැන් කිරීම සඳහා වාචික අවසරයක් ලබා දුන් බවයි.

මිහින්තලේ පුරා විද්‍යා කලාපයේ බාර නිලධාරි මංජුල රස්නායක මහතා සමග දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ ඓතිහාසික සුළුගුළු විහාරයට අක්කර එකසිය තිස්අටක භූමියක් එදා තිබුණ.අද වන විට අක්කර පනස් දෙකකට සීමාවෙලා.

ඓතිහාසික වටිනාකමකින් යුත් ගල් මඩුවක් සහිත පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් තිබෙන එම භූමියේ සිදුවූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ අවුරුදු තිහක් පමණ හේන් ගොවිතැන් කළ එම පිරිසත් ,අවසානයේ විහාරය ආසන්නයේ සි සැමක් සිදු කළා යැයි කියන විහාරාධිපති හිමියනුත් වරදක් සිදු කර තිබේ නම් අත්අඩංගුවට ගත යුතුයි.

Related posts

එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටයෙන් ඉවත්වන්නැයි මුරලි සේතුපතිට කියයි

colombotoday

කැබිනට් ප්‍රකාශක ධුරයෙන් රාජිත ඉවතට.. රාජිතගේ පුටුව මංගලට !

colombotoday

ඇමති අකිලගේ ගෝලයෝ මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ වැඩ

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

colombotoday

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

Admin