Colombo Today Local News

ඇමතිධුර හයක් හිස්වෙයි… ඇමති පිරිසක් රට යයි.. කැබිනට් සංශෝධනය කල් යන ලකුණු

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග කැබිනට් අමාත්‍යධුර හයක්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර නමයක් සහ නියෝජ්‍ය කතානායක ධුරය හිස්ව තිබේ.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද 12 පෙරවරුවේ සිදු නොවුණහොත් එය සිංහල අලුත් අවුරුද්දෙන් පසු දින කිහිපයක් කල් යනු ඇතැයි පැවසේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සවස්වරුවේ කොළඹින් බැහැර යෑමට නියමිත අතර, එජාපයේ සහ ශ්‍රීලනිපයේ බොහෝ අමාත්‍යවරුන් මේ වන විට විදේශගතවී ඇති අතර තවමත් ඔවුන්ගේ වැඩි පිරිසක් යළි දිවයිනට පැමිණ නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ලබන 17 වැනිදා පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට බ්‍රිතාන්‍ය බලා පිටත්ව යෑමට නියමිත අතර නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණ පසුව සිදුවනු ඇතැයි රජයේ ආරංචි මර්ග පවසයි.

Related posts

ජනපති නපුරෙක්… ශ්‍රීලනිපයෙන් එජාපයට පනින අයට ඇමතිකම් නොදීම නරක වැඩක්

colombotoday

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතර

Admin

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

Admin

පළාත් කිහිපයකට තද වැසි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන තැන්

colombotoday

“රාජ්‍ය බැංකු මට ඕන.. නැතිනම් මේ ඇමතිකම මට එපා“ – කිරිඇල්ලත් බර අවි ඔසවයි

colombotoday