Colombo Today Local NewsTop Stories

මන්ත්‍රීවරුන්ගේ හැසිරිම නින්දිතයි – බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කියයි

ශ්‍රී ලාංකිකයන්, ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම නැවත වරක් දුටු බව කොළඹ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ ඊයේ (16) ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා එම කරුණු සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.

“ශ්‍රී ලංකාව පුරා සිටින ඡන්ද දායකයන් පාර්ලිමේන්තුවට සාමාජිකයන් පත් කරනු ලැබුවේ වැදගත් රාජකාරියක් වෙනුවෙන්. එහෙත් ශ්‍රී ලාංකිකයන් අද නැවත වරක් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම දුටුවා. එය ඔවුන්ට කිසිසේත් සුදුසු නැහැ. එමෙන්ම පාර්ලිමේන්තුව උතුම් ආයතනයකට ගැලපෙන්නේ නැහැ.

පාර්ලිමේන්තුවක සාමාජිකයන් විසින්ම එහි කටයුතුවලට බාධා කරන විට කිසිදු පාර්ලිමේන්තුවකට එහි කාර්යභාරය ඉටු කරන්න බැහැ”යනුවෙනි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද, ජපන්, ඉන්දීය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නියෝජිතයන් සිංගප්පූරුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව ප්‍රශ්න විසඳා ගැනීමට ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related posts

ඥාණසාර හිමි හෝමාගම අධිකරණයට.. දයාරතන හිමි කොළඹ අපරාධ කොට්ඨාසයට !

colombotoday

විදුලිබල ගැන තීන්දුවක්

Admin

කිරිපිටි මිල ඉහල දැමීමට සමාගම් අවසර ඉල්ලයි.

colombotoday

ෆොන්සේකා ලංකාවේ යුද අපරාධ කළ බවට කියද්දී එසේ නොකළ බවට කරුණා අම්මාන් සාක්ෂි දෙන්න ඉදිරියට අවා

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin

ඩෙංගු මඩින්න කදිම පිළියමක් අධ්‍යාපන ඇමති සොයාගනී.. සිසුන්ට කොට කලිසම් වෙනුවට දිග කලිසම් !

colombotoday