Colombo Today Local Newsfeatured

කැකිල්ලේ තීන්දු ඇති කියලා හිතන්නේ නෑ. නමුත් කොමිසමේ කාට හරි ආරූඩයක් හැදුනද දන්නේ නෑ. විද්දේ පඳුරට වැදුනේ හාවට වගේ. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. – ඥානසාර හිමි

පාස්කු කොමිසමේ වාර්තාව මගින් බොදු බල සේනා තහනම් කිරීමට සහ ඥානසාර හිමිට විරුද්ධව අපරාධ චෝදනා නැගීම සඳහා නිර්දේශ කර ඇති බවට පලවන මාධ්‍ය වාර්තා පිළිබඳව එම සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (16) රාජගිරිය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීමක් සිදුකර සිටියා.

විද්දේ පඳුරට වැදුනේ හාවට.

“විද්දේ පඳුරට වැදුනේ හාවට. ඒක තමයි මට වෙලා තියෙන්නේ. මිනිස්සු හිතුවේ නෑනේ පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පත්කළ කොමිසමේදී අපිව වැරදිකරුවෝ කරන්න. අපි මොනවා කරලද? මම හිතන්නේ නෑ පාස්කු කොමිසමේ වාර්තාවේ කැකිල්ලේ තීන්දු ඇතියි කියලා.” යැයි පැවසූ ඒ හිමියෝ “දැන් වීරයෝ ගොඩක් ඉන්නවා. අපි 2014 ඉඳලා මේ ගැන කිවුවා. අන්තවාදීන්ගේ නම් වශයෙන් හෙලිකලා. එදා තමන්ගේ ජනතාව බේරගන්න මුස්ලිම් නායකයෝවත් සිංහලයන් වෙනුවෙන් පෙනී ඉන්න සිංහල නායකයෝවත් කිසිම ක්‍රියා මාර්ගයක් ගත්තේ නෑ. ඒ අය අපිට චෝදනා කර කර හිටියා.” යැයි මතකාවර්ජනයක් සිදුකරන ලදි.

බොදු බල සේනා වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවේ සමස්ත රටම වෙන්න යන ව්‍යවසනයෙන් බේරගන්න බව අවධාරණය කර සිටි ඥානසාර හිමි දේශපාලන නායකයින් පාස්කු ප්‍රහාරයට පෙර ගොඩනැගුනු සිද්ධි පිළිබඳව ක්‍රියාමාර්ග ගත්තේ නැති බවට චෝදනා කර සිටියා.

“අපිට පේනවා මෙතැන නොවිය යුත්තක් සිද්ධවෙලා තිබෙනවා කියලා. ඒ ඕනෑම දෙකට මුහුණ දෙන්න අපි ලෑස්තියි. මොන මොන න්‍යාය පත්‍ර හිතේ තියාගෙන තමන්ගේ අනාගත බල දේශපාලන උවමනාවට වාසියක් ගන්න බලාගෙන ඉන්න පල් හොරෙක් කොමිසමට රිංගුවාද කියලා අපි දන්නේ නෑ.”

වැඩි වාර ගණනක් පාස්කු කොමිසමට ගොස් කරත්තයක් බරට තමන්වහන්සේ ළඟ තිබූ තොරතුරු ලබා දුන් බවත් උන්වහන්සේ ලදි.

අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ.

“බොදු බලේ තහනම් කරන්න හරි අපරාධ චෝදනා නගන්න හරි අවොත් අපි ඒ වෙලාවට බලා ගමු. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. මේක යකාගේ වැඩක්නේ.” යැයි සඳහන් කර සිටි ඥානසාර හිමියෝ ජාතියේ ඉරණම බේරගන්න හිරගෙවල්වල ලගිමින් නින්දා අපහාස ලබමින් සිදුකල කැපකිරීමට ලැබෙන දේ මේකනම් මේ අවිද්‍යාත්මක ක්‍රමවේදය තුල ඒකටත් පුදුම නොවිය යුතු බව පැවසීය.

පාස්කු කොමිසමේ වාර්තාව ගැන හොයන්න තව කොමිසමක් දාන්න වේවිද?

“දීර්ගව යමක් මේ වාර්තාව ගැන කියන්න බෑ. මොකද පිටු ලක්ෂයක් තිබෙනවාලු මේ වාර්තාවේ. අපි සංවිධානයක් ලෙස ඉල්ලලා තිබෙනවා මේ වාර්තාවේ අපි සම්බන්ධයෙන් තිබෙන නිර්දේශ අපිට දෙන්න කියලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. මොකද අපි දන්නේ නෑනේ වාර්තාවේ මොකක් තිබෙනවාද කියලා. කොමිසමේ කාට හරි ආරුඩයක් හැදුනද දන්නේ නෑනේ. පුර්වයේ තිබුන හැසිරීමයි මේ අවසාන වාර්තාව වෙනකොට මොකද වුනේ කියන එක හොයන්න ඕනි. මම හිතන්නේ ඒක හොයන්න තව කොමිසමක් පත් කරන්න වෙයි.” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කරන ලදි

සම්පුර්ණ මාධ්‍ය හමුව

Related posts

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

“පස්සේ දොරෙන් බලයට ආ රනිල් වැඩ වරද්ද ගත්තා”

colombotoday

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදනය නිකුත් කරයි

colombotoday

සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ නාමල්ට ඇමැති ධුරයක් දෙනවාට ‘බ්ලැක් කැප්’ විරෝධය

colombotoday

යහපාලන තිරිසණුන් රණවිරුවන් සිරගත කළා පමණක් නෙවෙයි ඔවුන්ගේ චරිතත් ඝාතනය කළා – ඤාණසාර හිමි

colombotoday

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday