Colombo Today Local News

තමන්ගේ නොහැකියාව වසා ගැනීමට තෙල්දෙණිය සිද්ධිය අගමැති පාවිචිචි කළා – ඥානසාර හිමි

“නැහිලා.. නැහිලා.. අවුරුදු ගානක් හෝම් වරක් කරලා… අදින්න පුළුවන් නූල් සුත්තර ඔක්කොම ඇදලා … ක්ලීන් සූට් එකක් ඇඳගත්ත නොන්ජලයෙක්.. ගේම් ගහලා රටේ ආණ්ඩු බලය ගත්තා… රනිල් වික්‍රමසිංහ කියන්නේ මට අනුවනම් මළ මිනියක් හිනා වෙමින් ඇවිදින… වැඩ බැරි.. අදක්‍ෂ දුර්වල කෙලින් තීරණ ගන්න බැරි.. මේ රටේ පවට පහල වෙච්ච අකෘතක්ඥ මිනිහෙක්.. ඒ මිනිහටම ගැලපෙන සිවිල් සංවිධාන නමින් පෙනී ඉන්න හිවල් සංවිධාන ටිකකුත් මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි වගේ ඉන්නවා…” යැයි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පසුගිය 8 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

“බටහිරට උවමනා වෙලා තියෙනවා.. නායකයෙක් නැති පාලනයක් මේ රටේ හදන්න… එකට රූකඩ නායකයෙක් අවශ්‍යයි.. ඇවිල්ලා ඉන්නවා රූකඩ අගමැති කෙනෙක්…” යැයි ඥානසාර හිමි වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

“අවම තරමින් තෙල් දෙනියේ ඇතිවෙච්ච සිද්දිය නිවා ගන්න බැරි මේ පිං ගොන් අගමැතිට පුලුවන්ද රටක් නිවන්න… ආණ්ඩුවේ සන්යුතිය හදාගන්න බැරි… අරෙහෙන් මෙහෙන් එල්ලගෙන අල්ලස් දීලා.. තමන්ගේ බලය හදා ගන්න හදන මේ, මීහරක් මිනිහට පුලුවන්ද රටේ සංහිදියාව හදන්න… පක්ෂේ සංහිදියාව හදාගන්න බැරි මිනිහට… තෙල් දෙනියේ ප්‍රශ්නේ ඇති වුනේ ගිනිගන්නේ අකුරණ, අඹතැන්න.. ඒක නිවාගන්න බැරි වුනා මේ මෝඩ මිනිහට…” යැයි අගමැති රනිල් වික්‍රමසිංහට චෝදනා කර සිටියේය.

ඇතිවූ ප්‍රශ්නය පිලිබදව ජනතාවට කරුණු කීමට අගමැති අපොහොසත්වූ බව පෙන්වා දුන් ඥානසාර හිමි, හරි හැටි තොරතුරු ජනතාවට ලබා දුන්නේනම් එවැනි ගැටුමක් ඇති වීමට ඉඩ නොතිබුණු බව පැවසීය. අගමැති සිය වගකීම, තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් පැහැර හැරීය බව බොදු බල සේනා මහ ලේකම් හිමි මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

ආන්දෝලනාත්මක ගිරිතලේ බුද්ධි කදවුර ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමි පිරිත් කියලා

colombotoday

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday

පරිප්පු මිළ ඉහළට !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ ජනපතිගේ තීන්දුවට ජවිපෙ දැඩි විරෝධය…

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

colombotoday

අධිකරණ නියෝගය ඇසූ දුමින්දට වලිප්පුව හැදිලා

colombotoday