Colombo Today Local News

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් සුදානමින්…

යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිරෝධායන කාල සිමාවෙන් පසු පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත බවත් ඒ වෙනුවෙන් එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ඉල්ලා අස්වීමට නියමිත බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එසේ ඉල්ලා අස්වන ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ඕස්ටේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර, පසුව කොළඹ නීති පීඨයට ඇතුළත්ව නීති උපාධිය සම්පූර්ණ කර 1976 වසරේ නීතිඥයකු ලෙස දිවුරුම් දී තිබේ.

ඔහු ජනාධිපති නීතිඥයකු ලෙස දිව්රුම් දී ඇත්තේ 2010 වසරේ දී ය.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී පැවරු නඩු කටයුතු වලදී ඔහු රාජපක්ෂවරුන් නීතිමය දායකත්වය ලබාදුන් අයෙකි.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ අගමැති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක ලෙස ද කටයුතු කර ඇත.

මේ අතර ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ‘ද ලීඩර්’ වෙත පැවසුයේ, බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් ද කැමැත්ත පළකර ඇති බවයි.

බිලියන ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෆලීල් මර්ජාන් අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතෙකි.

‘ද ලීඩර්’ වෙබ් අඩවිය ඇසුරෙනි.

Related posts

බිලියන 11.4ක් රජයට පාඩු කලැයි ගෝඨා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට නඩු

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday

කොවිඩ් අරමුදලේ රු. කෝටි 180ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday

අගමැති සියලු රාජ්‍ය හා පෞ. බැංකු ප්‍රධානීන් හමුවෙයි.

colombotoday