Colombo Today Local News

මාස්ක් එකකින් රුපියල් දෙකක ගැහිල්ලක්. – ඇමති බන්දුලට විරුද්ධව අල්ලස් කොමිසමට

ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථා සඳහා Nano AV 99 මුව ආවරණ මිලදී ගැනීමේදී සිදුවන වංචාවක් පිළිබඳව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට විරුද්ධව එළෙඹෙන සඳුදා දින අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

මිලදී ගන්නා සෑම මුහුණු ආවරණයකින් රුපියල් 2ක් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රඥා බන්දු අරමුදලට බැරකෙරෙන බවත් ඊට අදාළ ලිපිලේඛන තමන් සතුව පවතින බවත් සඳහන් කර සිටි විතානගේ මහතා ජනතා මුදලින් පින්කම් කිරීමට ලැජ්ජාවක් නැද්දැයි අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

මේ අතර, ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගන්නා Nano AV 99 මුව ආවරණ සතොස වෙත යොමු කරන බවයි වාර්තා වන්නේ.

Related posts

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකාලා

Admin

ලොරියක ගැටුණු පා පැදියේ ගිය සිව්දරු මවක් මරුට

Admin

පුද්ගලයන් හත් දෙනෙක්ට වෙන්න යන දේ

Admin

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

Admin

ලොතරැයි පත් අලෙවිය සියයට 40කින් පහළට

colombotoday

ආගමික අන්තවාදී ක්‍රියාවල නිරත පුද්ගලයින් පුනරුත්තාපනයට නව රෙගුලාසී සහිත ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

colombotoday