Colombo Today Local News

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

2019 ජුලි මස 13 වන සෙනසුරාදා දින ජනතා විමුක්ති පෙරමුණ විසින් “ජාතික ජන බලවේගය” නමින් ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපාරය සඳහා අන්තවාදී මත දරන ඉහ්වාන් මුස්ලිම් සහ ජමාතේ ඉස්ලාමි යන මුස්ලිම් සංවිධාන දෙක එක්වී තිබෙන බවට Colombo Today 2019 ජුලි 15 දින විශේෂ හෙළිදරව්වක් සිදුකරමින් අනාවරණය කර සිටියා.

මෙම සංවිධාන දෙක අතුරින් “ජමාතේ ඉස්ලාමි” සංවිධානය මෙරට තහනම් කරන ලෙසට පාස්කු ප්‍රහාරය පිළිබඳව විමසීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇති අතර එම සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ඉස්ලාමිය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර ඇත.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුලත් සිංහල පිටපතේ පිටු අංක 511 දී තහනම් පැනවීම යටතේ මෙලෙස සඳහන්ව ඇත,

ශ්‍රී ලංකා ජමතේ-ඊ-ඉස්ලාම් සංවිධානය (එස් එල් ජේ අයි) සහ ජමතේ-ඊ-ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය (එස් එල් ජේ එස් එම්) තහනම් කල යුතුය. සුදුසු නීතිය යටතේ අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා එහි ක්‍රියාකාරකම් සහ සාමාජිකයින් පිළිබඳව ගැඹුරු පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

ජමාතේ ඉස්ලාම් හිටපු නායක හජ්ජුල් අක්බාර් පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුලත් සිංහල පිටපතේ පිටු අංක 511 දී අපරාධ නඩු විභාගය යටතේ මෙලෙස සඳහන්ව ඇත,

ශ්‍රී ලංකාවේ ඉස්ලාමිය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රෂිඩ් හජ්ජුල් අක්බර් ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව සලකා බැලීමට නීතිපති

ජාතික ජන බලවේගය ආරම්භක අවස්ථාවට සහබාගි වෙමින් ජමාතේ ඉස්ලාම් ලේකම් සිදුකල කතාව.

https://www.youtube.com/watch?v=cluA3Hndkq4

මේ පිළිබඳව අප වාර්තා කර ඇති පුවත්

https://colombotoday.com/hajjul-akbar-released-2019-9-30-2/

Related posts

ඇදිරි නීතිය දීර්ඝ කරනවද? නැද්ද? තීරණය ඉදිරි පැය 48 තුල

colombotoday

කපුවාට අපහාස කළැයි දෙදෙනකු කුරුසියේ තබා ඇණ ගහලා

colombotoday

අගමැතිගෙන් සාක්ෂි විමසන්නේ නීතිපති පමණක් නම් බැඳුම්කර කොමිසමත් නාටකයක් වන ලකුණු !

colombotoday

වසර 10කට පසු ප්‍රයිවට් බස් නැති ගාලු පාරේ සිදුවූ ලස්සන වෙනස !

colombotoday

හිස්බුල්ලා තවත් බලවත් වෙයි… ජනපතිගෙන් අලුත් තනතුරක් !!

colombotoday

උතුරේ බොදු උරුමය රැකගන්න ඤාණසාර හිමියෝ මුලතිව් පදිංචියට !

colombotoday