Top StoriesUncategorizedWorld

අගමැති සටනින් ඇල්බනිස්ට ජය!

වාමාංශික කම්කරු පක්ෂය නියෝජනය කරමින් තරග වදුණු ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, මධ්‍යම-දක්ෂිණාංශික ලිබරල් ජාතික සන්ධානයේ විපක්ෂ නායක පීටර් ඩටන් පරාජය කරමින් නැවත වරක් එරට නායකයා ලෙස ඊයේ තේරී පත් වුණා.

ඒ දශක ගණනාවකට පසු දෙවැනි ධුර කාලයක් ලබාගත් ඕස්ට්‍රේලියාවේ පළමු පුද්ගලයා බවට වාර්තා තබමින්.

ඉහළ යන ජීවන වියදම, බිඳ වැටෙන මහජන සෞඛ්‍ය සේවා හා නිවාස ගැටලුව මෙවර මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබුණා.

මිලියන 18ක ඡන්ද දායකයින් පිරිසක් මෙවර තම නව අග්‍රාමාත්‍යවරයා තෝරා පත්කර ගැනීමට තම ඡන්දය ප්‍රකාශ කර තිබූ බවට එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

එරට මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ “ඕස්ට්‍රේලියානු ජනතාව ඕස්ට්‍රේලියානු වටිනාකම් සඳහා ඡන්දය දී ඇත” යනුවෙනි.

එමෙන්ම “ගෝලීය අවිනිශ්චිතතාවය දැඩිව දැනෙන මෙම කාලය තුළ, ඕස්ට්‍රේලියානුවන් නිවැරදි දේ තෝරාගෙන ඇත” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

විපක්ෂ නායක කොන්සර්වේටිව් ලිබරල් ජාතික සන්ධානයේ පීටර් ඩටන් තම පරාජය පිළිගෙන නව අගමැතිට සුබ පැතීමට ඇමතුමක් ලබා දී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

සටහන -සත්සරණී

Related posts

තාවකාලික සටන් විරාමය රුසියාව කඩ කරයි

colombotoday

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin

ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ මාධ්‍ය ලේකම් භික්ෂූන් වහන්සේලාට අපහාස කරයි

colombotoday

තනතුරු බෙදන්න ගොස් සිරිකොතේ අලි වලි! රනිල්ගේ ඇරඹුමම කඳුලක්ද?

Charith Sankalpana

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

Admin

කඩා දමා ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිළිම නොවේ…

colombotoday