World

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් නිවාස අඩස්සියට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව පවසයි.

මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත.

පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති අතර මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරීමට ක්‍රියා කරන බවයි.

මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිරතා පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූ අතර හමුදාව චෝදනා කරන්නේ, පැවති මැතිවරණය වංචනික බවයි.

කෙසේ වෙතත්,අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදාව සිය භාරයට ගෙන ඇත්තේ, මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී ය.

2011 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ, හමුදා පාලනයකි.

Related posts

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ…. අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම්

Admin

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

ඉර්ෆාන් ඛාන් ජීවිත රඟමඩලෙන් බැස යයි

colombotoday

අල්කයිඩා සංවිධානයේ උතුරු අප්‍රිකානු නායකයා හමුදා ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

colombotoday

පාකිස්තාන ගුවන් සේවය විකිනීමට සූදානමක්

Admin

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin