Colombo Today Local News

රතන හිමි සුපුරුදු සෙල්ලම පටන් ගනියි. | පොරොන්දු බල්ලට දමා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙන්න නැති බව කියයි.

තමන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිම සූදානමක් නොමැති බව අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියයෝ පැවසූ බව ‘අරුණ’ පුවත්පත වාර්තා කර ඇත.

ඒ හිමියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවට සමාජජාලා මාධ්‍යවල පළවන පුවත සම්බන්ධයෙන් කරුණු විමසූ විට එසේ පැවසූහ.
ඒ පිළිබඳ රතන හිමියෝ වැඩිදුරටත් මෙසේද කීය. ‘‘මා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බවට පළවන පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක්. එසේ මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බවට කිසිම එකඟතාවක් කිසිවකු සමග ඇති කර ගෙනත් නැහැ. සම්පූර්ණ කාලසීමාවේ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ කටයුතු කරනවා.”

එහෙයින් මේ මන්ත්‍රී ධුරය පිළිබඳ පළවන පුවත සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ මෙසේ කීහ.

‘‘ජුනි 5 වැනිදාට රතනහිමියන්ගේ කාලය ඉවරයි. අපි බලනවා උන්වහන්සේ මොනවද කරන්නේ කියලා. එකඟතාව අනුව උන්වහන්සේ ඉවත් වෙන්න ඕනෑ.

කෙසේවෙතත් මෙම මන්ත්‍රී ධූරය ට තමන් වහන්සේ පත්වී මාස හයක් තුල ඉල්ලා අස්වී ඥානසාර හිමිට ලබා ගැනීමට අවස්ථාව සලසන බවට අතුරලියේ රතන හිමි සපථ කරන ලදි. එයට අදාළ රතන හිමියන්ගේ හඬපට ඇතුළු සාක්ෂි රැසක් Colombo Today සතුවන අතර උන්වහන්සේගේ ගෞරවය පිළිබඳව සලකා එම හඬපට මෙම අවස්ථාවේ දී ප්‍රසිද්ධ කරන්නේ නැත.

Related posts

පාස්කු ප්‍රහාරය සාධාරණිකරණය කළ මවුලවි, රිෂාඩ් නිදහස් කරන්නැයි කියමින් උද්ඝෝෂණයක

colombotoday

ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

කොළඹ ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය

Admin

දුම්රියේ අමතක වුණ ලක්ෂ 50ක රත්තරන් මල්ල ආපසු දෙයි

Admin

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday