Articles

රතන හිමිගේ සට කපට දේශපාලන හිවල්භාවය. | මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අදවන විට දරන ස්ථාවරය පිළිකුල්සහගතයි.

අපේ ජන බල පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය ආරම්භයේ සිටම මුඛ්‍ය පරමාර්ථය සහ ප්‍රධානම පාඨය වූයේ ජාත්ක ලැයිස්තුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තු යැවීමය. ඒ වෙනුවෙන් ඡන්දය ඉල්ලූ අපේක්ෂකයින් සහ ඡන්දදායකයින් සාතිශය බහුතරයක් අපේ ජන බල පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිත කළ බව මැතිවරණ ප්‍රතිඵලය සාවදානව විශ්ලේෂණය කරන අයෙක්ට පැහැදිලි වේ.

රතන හිමිට ගම්පහින් ලැබුණේ පක්ෂය ලද ඡන්ද සංඛ්‍යාවෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. එහෙව් තත්වයක් තුළ ආණ්ඩුව සමඟත් විවිධ විවිධ පාර්ශව සමඟ එක්ව තමන්ගේ සට කපට දේශපාලන හිවල්භාවය භාවිත කර කෙසේ හෝ මන්ත්‍රී ධුරය ඩැහැගෙන ඇත. මේ සම්බන්ධයෙන් පක්ෂ සභාපතිවරයාගේ සහ අනෙක් බොහෝ දෙනෙක් එකඟ වූයේ විවිධ අදහස් සමඟය. එහිදී මාස 6කින් පසු නැවත පක්ෂයට අදාළ මන්ත්‍රී අසුන භාර දෙන බවය රතන හිමි පොරොන්දු වී තිබුණි. එයට සාක්ෂි විධායක මට්ටමේ සිට පාක්ෂික මට්ටම තෙක් ඕනෑ තරම් ඇත. රතන හිමිගේ දේශපාලනය පරාජිතයෙකු ලෙස අවසන් කරවීමට තිබූ අවස්ථාව මග හැරීම එහි ප්‍රධාන පරමාර්ථය බව කීවහොත් එහි වරදක් නැත. නමුත් දුෂ්ඨයාගේ ගතිය ලද පළමු අවස්ථාවෙන්ම ප්‍රයෝජන ගැනීම නිසා රතන හිමිත් කිසිදා තමන් පත් නොකළ ඡන්දදායකයා නියෝජනය කරන්නට කටයුතු කරමින් සිටීම පිළිකුල්සහගතය.

සත්‍ය වශයෙන්ම රතන හිමි මන්ත්‍රී ධූරයේ දැන් රැඳී සිටින්නේ පක්ෂයෙත් පක්ෂයට ඡන්දය දුන් ජනතාවගේත් ප්‍රසාදයට සහ අභිලාෂයට පිටුපාය. නෛතික ක්‍රියාමාර්ග ඇති පමණ ඇති මුත් තාමත් සදාචාරාත්මක මගක පිළිතුරු සොයමින් ළත වෙමින් සිටිනේ ජාතික ව්‍යාපාරයේ කවර කලක වුව යම් භුමිකාවක් රතන හිමි ඉටු කළ නිසාය. එහෙත් ඒ සියල්ලට දැක් වූ කෘතගුණයට පෙරලා හෙලන්නේ ගල් මුල්නම් තව දුරටත් එකී විසඳුම මත ලත වීමට අවශ්‍ය නැත.

නීතිඥ සංජය ආරියදාස

Related posts

තෙල්දෙණියේ මුස්ලිම් ගමක් රැකගත් ලොකු හාමුදුරුවන්ගේ මෙහෙයුම…

colombotoday

උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්න

colombotoday

මිනීමරුවන්ට පක්ෂව හර්තාල් කිරීම….

colombotoday

යලි ඉපැදුනු ඥානසාර හිමි අල්ලා කූඩු කරන්න දඟලන ඩොලර් කාක්කෝ

colombotoday

තිබූ සංහිදියාවත් නැති කරන, චන්ද්‍රිකාගේ සංහිදියා බළකායේ අරුම පුදුම උමතු නිර්දේශ..

colombotoday

දළදා පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කදුළු සලමින් සමුගන්න හේතුව !

colombotoday