Colombo Today Local NewsTop Stories

අසාද් සාලිගේ අල් ටකියාව මෙන්න. දෙරණට ගිහින් බොරු කියලා

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ඊයේ (23) පැවති දෙරණ වාද පිටියේදී ඥානසාර හිමි ඔහුගෙන් සමාව ඉල්ලූ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බව බොදු බල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනය

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා 2019 අප්‍රේල් 23 රාත්‍රියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වාදපිටිය වැඩ සටහනේදී බොදු බල සේනා නායක ඤාණසාර හිමි හා දිලන්ත විතානගේ වන මම ඔහුගෙන් සමාව ඉල්ලූ බවට කරන ලද ප්‍රකාශය අසත්‍ය බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරමු..

වගකිව යුත්තන් ලෙස අද අපගේ වගකීම විය යුත්තේ 70 දශකයේ සිට බලයේ සිටි සියලුම රජයන් ගේ, දේශපාලකයින්ගේ , නිළධාරින්ගේ නොසැලකිලිමත්කම , නොදැනුවත්කම හා උඩගුකම නිසා හා ජාත්‍යන්තර බලපෑම් නිසා සිදු වී ඇති මේ අර්බුදය පිලිබඳව එකිනෙකාට දොස්පැවරීම හෝ අගතිගාමී ප්‍රකාශ නොකොට මේ අර්බුදයට හේතු සොයා ස්ථිරසාර සාමයක් හා සංහිඳියාවක් ඇති කිරීමට කටයුතු කිරීම මිස බාලංශ පංතියේ දේශපාලනය කිරීම නොවන බව සියලු දෙනාට අවවාදාත්මකව දැනුම් දෙමු..

Related posts

වර්ණසිංහගේ සෞඛ්‍ය ඇමතිකම මහ ඇමති පවරා ගනී.. අද දිවුරුම් දෙයි

colombotoday

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

colombotoday

කිරිබත්ගොඩ වේලාව වැරදියි

colombotoday

පාස්කු වාර්තාව අධ්‍යයනයට පත්කළ අමාත්‍ය අනු කමිටුව නිර්දේශ සලකා බැලීමට කල් ඉල්ලයි

colombotoday

ස්වයංපාලනයක් සමග සම්පූර්ණ ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම අපේ අභිලාෂයයි – සුමන්තිරන්

colombotoday

බස් ගාස්තු සංශෝධනයට ගණනය කිරීම් සිදු කරයි

Admin