පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ අදහසින් ජනතාව පොහොට්ටුවට ඡන්ද ලබා දුන් බවත්, පොහොට්ටුව ජයග්‍රහණය කිරීම නිසා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු අඩාල වී ඇති බවත් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
2020 දක්වා මැතිවරණයක් නොමැති බැවින් මධ්‍යම රජයේ හා පළාත් සභා මුදල් යොදවා ප්‍රාදේශීය සභා හරහා සංවර්ධන කටයුතු සිදුකිරීමේ සැලසුම තිබුණු බවත්, පොහොට්ටුව ජයග්‍රහණය කළ සභා විසින් එම සංවර්ධන කටයුතු නැවැත්වීමට ඉඩ ඇති බැවින් එම සභාවලට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට නවත්වන බවද ඇමතිවරයා කියා සිටී.
අමරවීර මහතා මෙම අදහස් පලකළේ වලස්මුල්ල කිරම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.