ත්‍රස්තවාදය මුලිනුපුටා දම ලැබූ නිදහස භුක්තිවිදිය යුත්තේ ඒ පිළිබදව පුරසාරම් දොඩවීමෙන්වත්, වඩ වඩාත් උදම් ඇනීමෙන්වත් නෙවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
පටු අරමුණු සහ පුද්ගලික න්‍යායපත්‍රයන් සදහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිතා නොකළ යුතු බවත්. ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් තොරව රණවිරුවන්ට කෘතගුණ සැළකිය යුතු බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.