Colombo Today Local News

ඉතාලි යවනවා කියා මුදල් වංචා කල කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

ඉතාලියේ රැකියා ලබාදෙන ලෙස පවසමින් මුදල් වංචා කිරීමේ චෝදනාවකට කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතාලි තානාපති කාර්යාලය වෙත සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් පිටස්තර පුද්ගලයින් විසින් ඉතාලි රටේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගැනීමේ වංචාවක් සිදුවන බවට ඉතාලි තානාපති කාර්යාලය විසින් සිදුකරන පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සිදුකළ විමර්ශනවලට අනුව අදාළ සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 26ක මුදලක් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක් සහ 52 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔවුන් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

කොළඹ අරපාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ

Related posts

ගලවා ඉවත්කළ පුනරීන් කඳවුර වෙනත් තැනක ඉදිකිරීමත් ටී.එන්.ඒ. විරෝධයෙන් නවතී

colombotoday

වැලි ව්‍යාපාරීකයකුගේ විදුලිය විසන්ධි කර යද්දී දණ ගස්වා පහරදිලා

Admin

ගුවන්තොටුපළට අමුත්තන් ඇතුළුකර ගැනීම නවත්වයි !

colombotoday

ජූලි පළමුවැනිදා සිට ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න

colombotoday

STF සහ පාතාලය අතර වෙඩි හුවමාරුවක්… පාතාල ලොක්කෝ දෙදෙනෙක් එළොව යති…

colombotoday

මීගමුව බන්ධනාගාරයෙන් දුරකථන 61ක් සොයා ගනී

colombotoday