Colombo Today Local News

මහරගම අපේක්ෂා රෝහලේ පිලිකා සුව කරන RFA යන්ත්‍රය අක්‍රීයයි. | පෞද්ගලික රෝහල්වල කුමන්ත්‍රණයක් දැයි සැකයක්

මහරගම පිලිකා රෝහල සතුව පවතින RFA හෙවත් Radio Frequency Ablation යන්ත්‍රය වසර දෙකකට ආසන්න කාලයක් පාවිච්චියට නොගෙන පවතින බව දැන ගැනීමට ලැබී තිබේ.

මෙම යන්ත්‍රය භාවිතයෙන් ඇතැම් මාරාන්තික පිලිකා රෝග නිට්ටාවටම සුව කල හැකි අතර රජයේ රෝහල් සතුව ඇත්තේ මෙවන් යන්ත්‍ර දෙකක් පමනක් බවත් කොලබ ජාතික රෝහලේ ඇති අනෙක් යන්ත්‍රය ද ඵහි සම්පූර්න ධාරිතාවයයෙන් ක්‍රියාත්මක නොවන බව වාර්තාවේ.

මෙම යන්ත්‍රයේ වටිනාකම රුපියල් මිලියන 7ක් පමණ වන අතර එක් වරක් රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ කීපයක් පෞද්ගලික අංශය අය කරනු ලබයි.

දිනනකට රෝගීන් 5-10 කට පමන ප්‍රතිකාර කිරීමට හැකි මෙම යන්ත්‍රය භාවිතයට නොගැනීමෙන් අසරන රෝගීන් විශාල පිරිසකගේ ජීවත් වීමේ අයිතිය උදුරාගෙන ඇත.

රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් අතර කලක් තිස්සේ පවතින කබ ඇදීමක් මෙම තත්ත්වයට හේතු වී ඇත. රෝහල් පාලන අදිකාරිය පවා ඊට විසදුම් දීමට අසමත් වී ඇත.

RFA ප්‍රතිකාරය සිදු කරන පෞද්ගලික රෝහල් මේ පිටුපස සිටින්නේ දැයි සාධාරණ සැකයක් රෝහල් කාර්ය මණ්ඩලය තුල පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශය ද රජයද මීට පිලියම් නොයොදා වසර දෙකකට ආසන්න කාලයක් කල් මෑරීම විමතියට කරුනකි.

Related posts

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

ව්‍යවස්ථා සභාවට අභියෝග කරන්න ජනාධිපතිට බලයක් නෑ

Admin

කබීර් හෂීම් මහා ඉඩම් වෙන්දේසියක.. රජයේ ඉඩම් අක්කර 59,000ක් විකිණීමට සියල්ල සූදානම් !

colombotoday

“අම්මට හුඩු හතරක් හිටියා, දෙකක් වැඩම කරලා, ආතල්” පොලිස්පති පූජිත සභාවක් මැද අමුතු රංගනයක ! (VIDEO)

colombotoday