Colombo Today Local News

කබීර් හෂීම් මහා ඉඩම් වෙන්දේසියක.. රජයේ ඉඩම් අක්කර 59,000ක් විකිණීමට සියල්ල සූදානම් !

මධ්‍යම කදුකරයේ තේ වගා කල අක්කර පනස් නම දහසකට අධික ඉඩම් ප්‍රමාණයක් මේ රජය විසින් විකිණීමට කටයුතු කරන බවත් හුන්නස්ගිරිය ප්‍රදේශයේ කුකුල් මස් ව්‍යාපාරයක් සදහා තේ ඉඩම් අක්කර 2000 ක් ලබා දීම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශ විනාශ වීමට හේතුවක්වී ඇති බව කදුරට ජන පවුර සංවිධානයේ කැදවුම්කරු නිමල් ප්‍රේමවංශ පවසයි. මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ප්‍රේමවංශ ,

“වර්තමාන රජයේ ආර්ථික කමිටුව විසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සහ රාජ්‍ය වැවිලි සංස්ථාවත්, ඇල්කඩුව ප්ලාන්ටේෂන් නමැති ආයතන තුනේ සමස්ත ඉඩම් පෞද්ගලිකරණය ආකාරය දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා. මේ ආයතන තුන දැනටමත් කබීර් හෂිම් අමාත්‍යවරයාගේ භාරයේ තමා තියෙන්නේ. 10% ක ඉඩම් ප්‍රමාණයක් ඒ ආයතන සතුව තබාගෙන 90 % පෞද්ගලිකකරණය කරන්න යනවා. ඒ වගේම මේ තේ වතුවල තිබෙන වතු බංගලා සහ තේ කර්මාන්ත ශාලා සියල්ල මේ හරහා පෞද්ගලිකකරණය වෙනවා. ඒ අනුව ඉදිරියේදී මේ ආයතන තේ අළෙවි කරන ආයතන වෙනුවට බදු ආදායම් රැස් කරන ආයතන සහ ආයෝජකයින් හට පහසුකම් ඇති කරන ආයතන බවට පත් වෙනවා.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතුව වතු 1000 ක් තිබෙනවා. ඒ තුළ ඉඩම් අක්කර 31,625 ක් තිබෙනවා. රාජ්‍ය වැවිලි සංස්ථාව සතුව වතු 12 ක් තිබෙන අතර එහි පවතින ඉඩම් ප්‍රමාණය අක්කර 25,000 යි. ඇල්කඩුව ප්ලානේටේෂන් සතුව වතු නමයක් පවතින අතර ඉහි ඉඩම් අක්කර 8750 ක් තිබෙනවා. මේ සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර 65,375 ක්. මින් 10 % රජයට පවරා ගත් පසු අක්කර 6537 ක් පමණයි ඉතිරි.  90 % විකුණා දැමූ පසු මේ ඉතිරි 10% විකිණීමට ලක් කරනවා. ඒ නිසා වතුකරයේ පවතින අක්කර 59,000 අධික ඉඩම් ප්‍රමාණයක් විකිණීමට නියමිතයි.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ බහුතර ඉඩම් ප්‍රමාණයක් පවතින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. වැවිලි සංස්ථාවට අයත් වැඩිම වතු තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ. ඇල්කඩුව ප්ලාන්ටේෂන් එකට අයත් වැඩිපුර වතු තියෙන්නේ මහනුවර මාතලේ ප්‍රදේශවල.මේ සියළු ඉඩම් තියෙන්නේ මධ්‍යම කදුකරයේ. නමුත් දැනටමත් මහනුවර ගම්පොළ ප්‍රදේශයේ විශාල ලෙස කුකුලු මස් නිෂ්පාදනය කරන වෙළද ආයතනයකට හුන්නස්ගිරිය ප්‍රදේශයේ ජනවසමට අයත් ඉඩම් අක්කර 2000 කට අධික ප්‍රමාණයක් ලබා දෙන්න එකගතාවය පළ කර අවසන්.

ඒ අනුව උතුර නැගෙනහිර රිෂාඩ් බදුයුර්දීන් අමාත්‍යවරයා ඒ ප්‍රදේශවල ඉඩම් විනාශ කරනවා. ඒ වගේම මධ්‍යම කදුකරයේ ජල පෝෂකවල ඉඩම් අත්පත් කර ගන්න යනවා මස් ව්‍යාපාරිකයන් මේ ආකාරයට ඒ ප්‍රදේශයේ අක්කර 2000 ක් ලබා ගත්තොත් ඒ පළාතේ තේ වගා කරන ජනතාවට මොණවා වෙයිද ?

 

Related posts

අප්‍රේල් 20 දා සිට සයිලන්ට් කර තිබූ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ජංගම දුරකථනය

colombotoday

අභිරහස් ලෙස මියගිය කාත්නාවකගේ මළ සිරුරක්

colombotoday

ගඩොල්බැද්දේ අතුරුමාර්ගයක සැක සහිත මළ සිරුරක්

colombotoday

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday

විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගු කිරීම ආණ්ඩුවේ නිවටකමක් !

colombotoday

ප්‍රංශයෙන් එවපු රු.කෝටි 2ක් වටින තෑග්ග ගුවන්තොටුපල රේගු නිලධාරින්ට හසුවෙයි

colombotoday