Colombo Today Local News

මහරගම අපේක්ෂා රෝහලේ පිලිකා සුව කරන RFA යන්ත්‍රය අක්‍රීයයි. පෞද්ගලික රෝහල් මේ පිටුපස සිටින්නේ දැයි සැකයක්

මහරගම  පිලිකා රෝහල  සතුව  පවතින RFA හෙවත්  Radio Frequency Ablation යන්ත්‍රය  වසර දෙකකට  ආසන්න කාලයක්  පාවිච්චියට නොගෙන පවතින බව දැන ගැනීමට ලැබී තිබේ. 

මෙම  යන්ත්‍රය භාවිතයෙන් ඇතැම් මාරාන්තික පිලිකා රෝග නිට්ටාවටම සුව කල හැකි අතර රජයේ  රෝහල් සතුව ඇත්තේ  මෙවන් යන්ත්‍ර දෙකක් පමනක් බවත් කොලබ ජාතික රෝහලේ  ඇති අනෙක්  යන්ත්‍රය ද ඵහි සම්පූර්න ධාරිතාවයයෙන් ක්රියාත්මක නොවන බව වාර්තාවේ. 

මෙම යන්ත්‍රයේ වටිනාකම  රුපියල් මිලියන 7ක් පමණ වන අතර එක් වරක් රෝගියෙකුට ප්රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ කීපයක් පෞද්ගලික අංශය අය කරනු ලබයි. 

දිනනකට රෝගීන් 5-10 කට පමන ප්‍රතිකාර කිරීමට හැකි මෙම යන්ත්‍රය භාවිතයට නොගැනීමෙන් අසරන රෝගීන් විශාල පිරිසකගේ ජීවත් වීමේ අයිතිය උදුරාගෙන  ඇත.

රෝහලේ සේවය කරන විශේෂඥ  වෛද්‍ය  වරුන් අතර කලක් තිස්සේ පවතින කබ ඇදීමක්  මෙම තත්ත්වයට හේතු වී  ඇත. රෝහල් පාලන අදිකාරිය පවා ඊට  විසදුම් දීමට අසමත් වී ඇත.   RFA ප්රතිකාරය සිදු කරන පෞද්ගලික රෝහල් මේ පිටුපස සිටින්නේ දැයි සාධාරණ සැකයක් රෝහල් කාර්ය මණ්ඩලය තුල පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශය ද රජයද  මීට පිලියම්  නොයොදා වසර දෙකකට  ආසන්න කාලයක් කල් මෑරීම විමතියට කරුනකි.

Helabima

Related posts

හිටපු ජනපතිනිය රටබීමහලකට ගොඩවෙයි… ඡායාරූප අන්තර්ජාලය කළඹයි !! (Photo)

colombotoday

නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කළ දුලිප් ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

අරගල භූමියට එන්නේ අයිස් ගහලා. – කෝනාරගේ විෂමාචාර ක්‍රියා පෙම්වතිය හෙළිකරයි

colombotoday

නාමල් ඉල්ලා අස්වෙයි

colombotoday

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

සිරිමතීපාය යළි විවෘතවේ

colombotoday