Colombo Today Local News

අනුරාධපුර පුජා නගරයේ දි ගංජා අලෙවි කරමින් සිටි හිච්චා අත්අඩංගුවට.

අනුරාධපුර පුජා නගරයේ දි ගංජා අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු පසුගිය 14 දින අත්අඩංගුවට ගත් බව අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය ඒකකය කියයි.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇතිතේ ගල්බොක්කලාගේ සරත් ජයතිස්ස නොහොත් හිච්චා නැමති අංක 33, රත්නම්මාවත, මල්වතු පටුමඟ, අනුරාධපුර පදිංචි අයෙකි.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පො.ප රුවන් ජයවර්ධන මහතාට ලඳ තොරතුරකට අනුව විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

මෙම පුද්ගලයා වසර ගනනාවක සිට අනුරාධපුර පුජා නගරයේ රහසිගත ලෙස ගංජා අලෙවි කිරීමේ ජාවාරමේ යෙදී සිට ඇත. වැටිලීම සිදු කරන අවස්ථාවේදීද ගංජා අලෙවි කරමින් සිටි බවත් එම අවස්ථාවේ අලෙවි කිරීම සදහා සන්තකයේ තබා ගෙන සිටි ගංජා මිලි ග්රෑම් 125 ක් සහිත මෙම සැකකරු නීතියේ රැහැණට හසු කර ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය පැවසුවාය .

මේ පිළිබඳ වැඩි දුර පරික්ෂණ සිදු කිරීම සඳහා සැකකරු අනුරාධපුර පොලීසිය වෙත නඩු භාණ්ඩ සහිතව භාර දීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කටයුතු කර ඇත.

පො.ප. රුවන් ජයවර්ධන, උ.පො.ප. බංඩාර, පො.සැ 48326 ශාන්ත, පො.කො 66935 විජේරත්න, 71448 සමීර, 82440 දිසානායක, 84137 බණ්ඩාර, 88834 සමන් , 39644 ජයවීර යන අය මෙම වැටලීම සිදු කර ඇත.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 ඇරඹේ

colombotoday

අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප.. උසාවි ගිහින් ඇවිත් කීව කතාව මෙන්න (Video)

colombotoday

රනිල් ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි

colombotoday

දුම්රිය හරස් මාර්ගයේ ගිය මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

ලසන්ත ඝාතනයට චෝදනා එල්ලවූ හමුදා බුද්ධි අංශයේ “උදලාගම” ඇප මත නිදහස්

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday