Colombo Today Local NewsTop Stories

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක සමගි සන්ධානයේ ඉන්නේ මේ රටේ සාරය උරාබීපු රකුසන් පිරිසක් – අනුර ප්‍රියදර්ශන යාපා කියයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක සමගි සන්ධානයේ ඉන්නේ මේ රටේ සාරය උරාබීපු රකුසන් පිරිසක් බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා පවසනවා. කුරුණෑගල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (9) සහබාගි වෙමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීම සිදුකරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන යාපා හිටපු අමාත්‍යවරයා….

“අද අපේ රටේ එක පැත්තක කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම පිටිපස්සේ ඉන්නේ මේ රටේ සාරය උරා බීපු බියකරු රකුසන් පිරිසක්. ඒ තමයි ඔය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි සන්ධානය. මොක කිව්වත් ඒක තමයි ඇත්ත. ඒ වාඩිවෙලා ඉන්න මිනිස්සු දිහා බැලුවම පේනවා කොයිතරම් දුරට මේ රටට හානි කරපු මිනිස්සුද ඉන්නේ කියලා.”

“මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕන නම් අවංක ශක්තිමත් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තිළිණ කරන්න අවශ්‍යයි. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට හදන සැලසුමක් සකස් කරගෙන තමයි එළියට ආවේ. කවදාවත් නැති විදිහට සැලසුම් සකස් කෙරුවා. අපේ ආගම ජාතිය ආරක්ෂා කරගෙන අන්‍ය හැම කෙනෙකුටම ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදලා ආර්ථික සමෘද්ධිය ඇති කිරීම ප්‍රධාන මාතෘකාවක් කරගෙන තමයි එතුමා එළියට බැහැලා ක්‍රියා කෙරුවේ. ඒ අනුව තමයි ඒ ජාතික නායකත්වයට සහාය දෙන අපේ ජාතික නායකයත් මේ දිස්ත්‍රික්කයේ ඉන්නෙ. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ ඔක්කොම අපි එක කණ්ඩායමක්. අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ… වැඩ කෙරුවොත් විතරයි අර බියකරු කණ්ඩායම පරාජය කරන්න පුළුවන්. ඒ අයට ජාතික හැඟීමක් ඇත්තේ නෑ. ඒ අයට ආර්ථික සංවර්ධනය, ආර්ථික ස්වාධීනත්වය ගැන මතයක් නෑ. හැම වෙලාවකම ඉන්නේ අනික් රටවල් වලට දණ නමාගෙනමයි.”

Related posts

දුමින්ද,අමරවීර ඇතුළු ශ්‍රිනිප මංත්‍රී කණ්ඩායම හෙට අනුරාධපුරයේදී ගෝඨාගේ වේදිකාවට

colombotoday

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

colombotoday

රවී තීරණයක් ගනී… විදේශ ඇමති ධුරය සරත් අමුණුගමට ?

colombotoday

ප්‍රදේශ කිහිපයකට අද වැසි

colombotoday