Colombo Today Local News

අනුර කුමාර කියන්නේ පච – මෛත්‍රිපාල හැරෙන තැපෑලෙන් උත්තර දෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ පවුලේ අයට අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් වන සමීර ද සිල්වා විසින් එම ලිපිය නිකුත් කර ඇති අතර හිටපු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේද සඳහන්.

එම සම්පූර්ණ ලිපිය පහතින්,

“ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කල ව්‍යාජ ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධවයි”

අද දින (2022/05/03)ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මහබැංකු බැඳුම්කර වංචාවට අදාල කරුනු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයාව සිටි ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම පවුලේ උදවිය හට මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් බෙදා දුන් බවට දූෂන විරෝධී හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.

දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිරිදෝශී පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවනු ඇත. ඉදිරියේදී මෙම ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දෙමි.

මෙය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් වන අතර මහබැංකු වංචාවේ දූෂිත ගණුදෙනු හෙලිකර ගැනීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ වෝහාරික විගණනයන් හා ශ්‍රේෂ්ඨාධිකරන විනිෂ්චකාරවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත්කරමින් මහබැංකු බැඳුම්කර වංචාව විමර්ශණය කිරීම සඳහා හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම අද සමාජයේ බොහෝ දෙනෙක් අගය කරන කරුණක් වන අතර එය දෙස් විද‍ෙස් ගෞරවයට පාත්‍ර වූ කාරණයක් බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

ස්තූතියි,

සමිර ද සිල්වා
පුද්ගලික ලේකම්,
හයවන විධායක ජනාධිපති

Related posts

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර වහා අධීකරණය ඉදිරිපත් කරන ලෙස රීට් ආඥාවක් ඉල්ලා බිරිඳ අභියාචනාධිකරණයට

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

වැළලෙන්න ඉල්ලා “බලහත්කාරී ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය” විරෝධතාවක

colombotoday

අනුර කුමාර බෞද්ධයාට වෛර කරන්නේ ගබ්සාවක් වැරදී ඉපදුන නිසා – ඥානසාර හිමිගෙන් ජවිපේට සැර පහරක්

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin