Colombo Today Local News

අගමැතිට එරෙහිව නැවතත් විශ්වාසභංගයක්… මෙවර එජාපයෙන්මයි… කෙටුම්පත් කිරීම ඊයේ අරඹයි..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවී, පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම ප්‍රමාද කිරීමේ අරමුණෙන් කමිටු පත්කිරීම අනුමත නොකරන එම පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් අගමැතිවරයාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ (08දා) තීරණය කර ඇත.

ඒ අනුව තවත් මාස හයක් ඇතුළත අගමැතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇත.

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සාකච්ඡාවකට කැඳවා, ඒ පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පවත්වන්නේ නැතිව, අවසානයේ අගමැතිවරයාට හිතවත් පිරිසකගෙන් සමන්විත කොමිටියක් පත්කර මන්ත්‍රිවරුන්ගේ වටිනා කාලය නාස්ති කළ බව එම සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රිවරු පිරිසක් පැවසූහ.

අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, තුසිත විජේමාන්න, දයා ගමගේ, රංගේ බණ්ඩාර, අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රිවරු ඇතුළු මන්ත්‍රිවරු පිරිසක්, අගමැතිවරයා පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට පත්කළ යුතු බවට අදහස් දක්වා ඇත.

රවි කරුණානායක, මංගල සමරවීර, ලක්ෂ්මන් විජේමාන්න, වජිර අබේවර්ධන යන ඇමැතිවරු ඇතුළු පිරිසක් මෙහිදී අගමැතිවරයා වෙනුවෙන් අදහස් පළ කර ඇත.

වසන්ත සේනානායක, පාලිත රංගේ බණ්ඩාර ඇමැතිවරු සාකච්ඡාව පැවැත්වෙන අතරතුර එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවද වාර්තාවේ.

එ.ජා.ප නායකත්වයෙන් අගමැතිවරයා වහාම ඉවත් විය යුතු බවට බලකර සිටින කණ්ඩායමේ මන්ත්‍රිවරු දස දෙනකු ඊයේ රැස්වී, ඔවුන් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන විශ්වාසභංග යෝජනාව සඳහා වන චෝදනා පත්‍රය සකස් කිරීම ආරම්භ කිරීම පටන්ගෙන ඇති බවද වාර්තාවේ.

මේ වන විට. එ.ජා.පයේ මැති ඇමැතිවරු විසි හතර දෙනකු විශ්වාසභංග යෝජනාවට කැමැත්ත පළ කර ඇති බවත් මැති ඇමැතිවරු පනස් දෙනකුගෙන් එම යෝජනාවට අත්සන් ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මව්බිම

Related posts

එජාපය බොරු ප්‍රචාර කරනවා. මම මැරෙන්නෙත් ශ්‍රිනිපයෙන්. එජාපයට ගියා කිවූ බුද්ධදසගෙන් ප්‍රකාශයක්

colombotoday

රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

colombotoday

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට නැවත වසා දමයි

colombotoday

පසුගිය මාස කිහිපයට ඇමැතිට හොරෙන් ලං.වි.ම. බිලියන ගණන් ණය අරන්

colombotoday

කලවාන මූලික රෝහලේ වාට්ටුවක් වසා දමයි

colombotoday

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

colombotoday