Colombo Today Local NewsGossip

අනෝමා ජිනාදරීගේ “කාම සූත්තරේ”… “ප්‍රේම ජවනිකා”

විනීරියෝලොජි සහ කාම ශාස්ත්‍රය හෙවත් සේක්සොලොජි අප සමාජයට ඉතාමත් වැදගත් වුවත් ඒ පිලිබඳ කතා බහ ඇත්තේම නැති තරම් ය. අප රටේ මේ ක්ෂේත්‍රය පිළිබඳව තිබෙන අතිශය රහස්‍යභාවය නිසා යතාර්තවාදීව කථා බහ කරණ අය දුර්ලභ බවත් පාසල් වල මෞත්‍ර ලිංගික පද්ධතිය ඉගැන්වීමට මැලි ගුරුවරියන් බහුල බවත් ඔවුන් බොහෝ විට උගන්වන්නේ මෞත්‍ර ලිංගික පද්ධතියේ මෞත්‍ර කොටස පමණ කි.

මෙවැනි තත්ත්වයක් මත අනෝමා ජනාදරී අපේ ප්‍රකට නිළිය ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථයක් පසුගිය දා එළි දැක්වුයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ද විශාල හිඩැසක් පුරවාලමිනි.

අනෝමාගේ මේ සද් කාර්ය අගය කරණු වස් ඇගේ “ප්‍රේම ජවනිකා” නමැති කෘතිය පිලිබඳ විද්වත් විචාර සම්මන්ත්‍රණයක් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී වී පවත්වයි.

එළැඹෙන 16 වෙනි බදාදා සවස 3.00 ට පිටකෝට්ටේ භූ විද්‍යා හා පතල් කාර්යාංශ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන මේ වැදගත් අවස්ථාවට දේශක වරුන් වශයෙන් සහභාගී වන්නේ ලිංගික අධ්‍යාපනික ක්ෂේත්‍රයේ වඩාත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරණ ගෞරවණීය වෛද්‍ය ජානකී විදානපතිරණ ( ප්‍රජා වෛද්‍ය විශේෂඥ),මහාචාර්ය කොල්වින් ගුණරත්න( කුලපති – වෛද්‍ය පීඨය) ,වෛද්‍ය කාලෝ ෆොන්සේකා,පවුල් සෞඛ්‍ය සැළසුම් පිලිබඳ ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂක හරිශ්චන්ද්‍ර යකන්දාවල යන විද්වතුන් වේ.

ලිංගික ගැටළු පිළිබඳව පීඩා විඳින මහා ජනතාවට මෙන්ම ඒ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්තීන්ට එකසේ මෙම සම්මන්ත්‍රණය වැදගත් වේ.සියලු දෙනාට මේ අවස්ථාවට නොමිලේ සහභාගී විය හැකි බව සංවිධාන මණ්ඩලය දන්වයි

– අනෝමා ජනාදරි

Related posts

ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවට

colombotoday

ක්‍රිකට් හොම්බෙන් යද්දී ලොක්කන්ට රථ ගාය වැළදේ.. කෝටි 10ක සුපිරි ජීප් රථ 08ක් ගෙන්වයි..

colombotoday

සැරයන්ට පහරදුන් කසිප්පු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවේ

Admin

බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අන්තර්ජාලයට

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි.. නැ’හිර ජැටිය බදුදෙනවාට ඇමැති ප්‍රසන්නගේ විරෝධය

colombotoday