බැදුම්කර වංචාවේ චූදිතයකු වූ අර්ජුන ඇලෝසියස් තමන්ගේ පාසල් මිතුරකු බවත්, ඔහු තමන්ට ඕනෑ තරම් උදව් කර ඇති බවත්, තමන්ද ඔහුට උදව් කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව රාජපක්ෂලාටද ඇලෝසියස් ආධාර කර ඇති බවද සදහන් කරන ඔහු පසුගිය රජය සමයේ කොළඹ පැවති රාත්රි කාර් තරගවල ප්රධාන අනුග්රාහකයා වූයේද අර්ජුන් ඇලෝසියස් බවද කියයි.
දෙරණ රූපවාහිනියේ මොකද වුනේ වැඩසටහනට සම්බන්ධ වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.