Colombo Today Local Newsfeatured

වහබ්වාදයේ ව්‍යාප්තිය උලමා සභාවටත්. | කොමිසමෙන් උලමාගේ කුප්ප වැඩ ගැන එලියට. | නමුත් තහනම් කරන්න කියා නෑ.

වහබ්වාදයේ ව්‍යාප්තිය ඉස්ලාමීය බුද්ධිමතුන්ගේ අග්‍රගන්‍යම සංවිධානය ලෙස සැලකෙන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව වෙත ද ව්‍යාප්ත වී ඇති බව පෙනී යන බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා.

1991 දී සමස්ත ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ සභාපති මවුලානා මවුලවි අබ්දුල් සමත් අලින් විසින් ලිපියක් යවමින් සිය තනතුරෙන් ඉල්ලා අස්වුනේ ය. එහිදී ඔහු සඳහන් කළේ වහබ් විශාරදයින් විසින් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව අත්පත් කර ගනිමින් සිටින බවත් මහලු වියේ සිටින තමන් හට ඔවුන් සමග සටන් කළ නොහැකි නිසා තමන් ස්වකීය තනතුරෙන් ඉල්ලා අස්වන බවත් ය.

යැයි අවසන් වාර්තාවේ සිංහල පරිවර්තනයේ පිටු අංක 520 හී සඳහන් කර ඇත.

සුෆි නායකයෙකු ඉස්ලාම් නීති ප්‍රකාරව ඝාතනය කිරීම සඳහා 1979 වසරේදී සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින් ෆත්වා නිකුත්කර ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සිංහල පිටපතෙහි 43 වන පිටුවෙහි සඳහන්ව ඇත.

එම කොමිෂන් සභා වාර්තාවෙහි 51 පිටුවෙහි, ෂියා බවට හැරෙන ඕනෑම සුන්නියෙකු කොන් කිරීම සඳහා තර්ජනය කිරීම සඳහා ආගමික රැස්වීම් කිහිපයක් පවත්වූ බව සඳහන්ව ඇත.

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේදී අසාද් සාලිගේ මැදිහත්වීම පිළිබඳව ඔහු ලබා දුන් සාක්ෂියේ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය ඒ සඳහා මැදිහත්වූ ආකාරය වාර්තාවේ 121 පිටුවෙහි දක්වා ඇත්තේ මෙසේයි….

කෙසේවෙතත් මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා මෙවැනි දායකත්වයක් ලබා දුන් උලමා සභාව කෙරෙහි ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කොමිෂන් සහාව කටයුතු කර ඇති බව භික්ෂුන් වහන්සේලා චෝදනා කර සිටියි.

වාර්තාවේ 478 වැනි පිටුවෙහි උලමා සභාව පිළිබඳව ඇතුලත් කර ඇත්තේ මෙවැනි නිර්දේශයක් පමණි.

Related posts

යුද්ධයෙන් බේරාගත් රට නව ව්‍යවස්‌ථාවෙන් බෙදීම වැළැක්‌වීමයි අපේ අරමුණ

colombotoday

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

colombotoday

පාස්කු ප්‍රහාරයට වගකියුත්තන්ට එරෙහිව කතෝලික පියවරු ශ්‍රේෂ්ඨධිකරණයට… අගමැති ඇතුළු 13කට චෝදනා…

colombotoday

වාහන ආනයනයට අවසර දෙද්දී ප්‍රමුඛතාවයක් ලැබෙන වාහන ගැන ඇමති කබ්රාල් කියයි

colombotoday

රොහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබා දීමට රජය තීරණය කරයි !

colombotoday

හෝමාගම සිසුවෙකුට කොරෝනා සියල්ල නිරෝදායනයට කොරෝනා පරීක්ෂණ 65ක් අවසන්

colombotoday