Colombo Today Local Newsfeatured

එක රටක් එක නීතියක් වාර්තාව එනකන් ඉන්න. – අලි සබ්‍රිගේ බහු විවාහ ඉල්ලීම කැබිනට් මණ්ඩලය ඉවත දමයි.

බහුවිවාහ සහ කාති උසාවි ක්‍රමය දිගටම පවත්වාගෙන යුතු බවට වන යෝජනාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් ඊයේ (21) දින පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ බව දැනගන්නට ඇත.

ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ තහනම් කිරීමට හා නව නීති හඳුන්වා දීමටත්, කාති උසාවි අහෝසි කිරීමටත් ලබා දී තිබු කැබිනට් අනුමැතිය සංශෝදනය කර මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා අදාළ යෝජනාව අලි සබ්‍රි මහතා විසින් ඉදිරිපත් කර ඇත.

යෝජනාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර, එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා කාර්යසාධක බලකායක් ස්ථාපිත කර ඇති මොහොතක එක් එක් ජාතියට සුවිශේෂ වූ නීති ගෙන ඒම නොකළ යුතු බව පවසා ඇත.

ප්‍රංශයේ බුර්කා තහනම ගෙන ආ අවස්ථාවේ එරට තුල සිදුවූ තත්වය ඇතුළු නිදර්ශන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇත.

එක රටක් එක නීතියක් සඳහා වූ කාර්ය සාධක බලකායේ වාර්තාව ලැබෙන තුරු මෙම කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු නැති බවට අමාත්‍ය විමල් වීරවංශ ද අදහස් දක්වා ඇත.

අනතුරුව, අදාළ වරප්‍රසාදය දීර්ග කාලයක් තිස්සේ මුස්ලිම් පිරිමින් භුක්තිවිදින බවත් එය අහෝසි කළහොත් ගැටළු රැසකට මුහුණ දීමට ඉඩ ඇති බවත් පෙන්වා දෙමින් දීර්ග ලෙස අලි සබ්‍රි අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය හමුවේ කරුණු දක්වා ඇත.

කෙසේවෙතත්, එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ලබාදෙන වාර්තාව ලැබෙන තෙක් සබ්‍රි අමාත්‍යවරයාගේ බහුවිවාහ ඉල්ලීම ඉවත තැබීමට අවසානයේදී තීරණය වී ඇත.

liveat8.com

Related posts

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ දෙවන දිනටත් විරෝධයේ

colombotoday

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

colombotoday

ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ අධිභාර පනතට කතානායකගේ සහතිකය

colombotoday

අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ මංගලට අභියෝගයක් !

colombotoday