Colombo Today Local Newsfeatured

අලි සබ්‍රි සුෆි ක්‍රමයට නබි ජන්ම දිනය සමරයි. | ලංකාවේ මුස්ලිම් බ්‍රෑන්ඩ් එක ආක්‍රමණය කිරීමක් ගැනත් කියයි.

නබි තුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් දෙවටගහ පල්ලියේ පැවති උත්සවයට අදිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහබාගී විය.

ශ්‍රී ලංකාවේ ජීවත්වන සාම්ප්‍රධායික සුෆි මුස්ලිම් ප්‍රජාව උත්සවාකාරයෙන් නබි ජන්ම දිනය සමරුව ද වහබ්වදී කල්ලි විසින් එය ඉස්ලාමයට පටහැනි බව පවසමින් දැඩි විරෝධයක් දක්වයි. ශ්‍රී ලංකාවේ ඉස්ලාම් වියතුන් යැයි තමන්ව හඳුන්වා ගන්නා සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව පවා නබි තුමාගේ ජන්ම දිනය සැමරීම සඳහා අනුග්‍රහයක් ලබා දෙන්නේ නැත. වහබ්වාදීන් විශ්වාස කරන පරිදි අල්ලාහ් දෙවියන් හැර වෙනත් කිසිවෙකු වැඳීම සහ පිදීම ඉස්ලාමයට පටහැනිය.

දෙවටගහ පල්ලියේ පිහිටා ඇති මුස්ලිම් ශාන්තුවරයෙකුගේ සොහොනට වතාවත් කල අමාත්‍යවරයා දේවාශිර්වාදය ද ලබාගෙන මාධ්‍යයට අදහස් දක්වමින් මේ රටේ මුස්ලිම් ප්‍රජාව අතර සමගිය තිබිය යුතු බවත් එක් කට්ටියකට පමණක් අවශ්‍ය පරිදි ආගමක් පාලනය කරන්න බැරි බවත් පැවසීය. පුර්ණ ආගමික නිදහස මුස්ලිම් සමාජය තුලත් තිබිය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු ශතවර්ෂ ගණනාවක් තිස්සේ ප්‍රගුණ කරපු බ්‍රෑන්ඩ් එකක් තිබෙන බවත් ඒක පිටරටින් ආව බ්‍රෑන්ඩ්වලින් ආක්‍රමණය කරන්න බැරි බවත් අමාත්‍ය අලි සබ්‍රි පැවසීය.

Related posts

ඉන්දියන් ලොරි තට්ටු වෙනුවට, ලංගමය ට සුපිරි චීන බස්… පළමු තොගය කොළඹට එයි…

colombotoday

බෙදුම්වාදින්ගේ ඕනෑ එපාකම් ඉටුකරද්දී හෘද සාක්ෂියට ඉඩදුන් නිලාවේලි නාවික කදවුරේ සෙබලෙක් සිරකරයි

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරන්න අයදුම්පත් කැඳවයි

Admin

ශ්‍රී ලංකාවත් අවධානමේ… උපදෙස් පිළනොපැද්දොත් අපේ නගරත් වහන්න වෙයි !

colombotoday

NGO හඩ බලවත් වෙයි… මහානාහිමිවරුන්ගේ ඉල්ලීම ඉවත දැමේ… ඤාණසාර හිමියන්ට ජනපති සමාව නොලැබේ…

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේ

colombotoday