Colombo Today Local NewsUncategorized

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

අද (20) සිට 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නැටුම්, සංගීත, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යාව විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසන්නේ.

මෙම විෂයයන්හි පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අයැදුම්පතෙහි සඳහන් ලිපිනයන්ට ද යොමු කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය..

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත් භාගත කළ හැකිය.

එමෙන්ම උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ලබන 22 වැනි දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පළමු අදියරේ ඇගයීම් කටයුතු ආරම්භ කෙරුණේ, පසුගිය 31 වැනිදා යි.

පසුගිය දා පැවති උසස් පෙළ විභාගයට අපේක්ෂකයන් තුන් ලක්ෂ හතලිස් හයදාස් නවසිය හැත්ත හයකු පෙනී සිටියහ.

Related posts

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවූ මිනිසුන්ට වැලඳිය හැකි සුනඛ රෝගයක්

colombotoday

ලේ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කල යුතුයි – අගරදගුරුතුමා

colombotoday

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියේ සේවය අත්හිටුවයි !

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට

colombotoday

මෛත්‍රී ජනවරමට පිටු පෑවා…

colombotoday