Colombo Today Local NewsTop Stories

මාලිමා මාධ්‍ය වාරණයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් කැළඹෙයි

ලංකාදීප පුවත්පතේ ඡයාරූපශිල්පී ලහිරු හර්ෂණ විසින් ගන්නා ලද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡයාරූපයක් පසුගිය දින තුළ සමාජ මාධ්‍ය කැලඹුවා.

අහඹු ලෙස ගන්නා ලද මෙම ඡයාරූපය ලබාගෙන තිබුනේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ගෝල්ෆේස් පිටියේ පැවති දැවැන්ත මැයි රැළියේදීය.

එම ඡායාරූපය වඩාත් ආන්දෝලනයට ලක්වූයේ මාධ්‍යවේදී ලහිරු හර්ෂණ විසින් තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ පලකරන ලද ඡායාරූපය ඉවත්කර ගන්නැයි තෙවන පාර්ශවයක් හරහා බලපෑම් එල්ල වූ බවට පල වූ ප්‍රවෘත්ති නිසයි.

කෙසේ වෙතත් මෙම බලපෑම් එල්ල කර ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ කිසියම් පිරිසක් බවට මාධ්‍ය වාර්තා සදහන් කොට තිබුනා .

තත්වය එසේ තිබියදී අද දිනයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනය පහළින්,

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි දින රැළිය අමතන ඡායාරූපයක් සිය පෞද්ගලික ෆේස්බුක් පිටුවේ පළ කර තිබියදී එය ඉන් ඉවත් කරගන්නැයි එල්ල වූ බලපෑම් නිසා ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණට එම ඡායාරූපය ඉවත් කරගැනීමට සිදුවී තිබේ.


ඒ පිළිබඳව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා ඇත.

වාර්තා වන අන්දමට ඡායාරූපය ඉවත් කරගන්නා ලෙස මෙම බලපෑම් හෝ ප්‍රබල ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ තෙවන පාර්ශ්වයක් හරහා මැදිහත් වෙමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ කිසියම් පිරිසකි.

එය සිදුවී ඇති ආකාරය පිළිබඳ සත්‍ය අසත්‍යතාව වැඩිදුරටත් තහවුරු කරගැනීමට උත්සාහ ගන්නා අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ එවැනි තත්ත්වයක් උද්ගතවීම ඉතා කනගාටුදායක බවය.

ළහිරු හර්ෂණ ඡායාරූප මාධ්‍යවේදියා විසින් ලබාගන්නා ලද එම ඡායාරූපයේ ගුණාත්මක බව පිළිබඳ විශේෂඥ විශ්ලේෂණ ඉදිරිපත් කිරීම සිදු කළ යුත්තේ දේශපාලන පක්ෂපාතීත්වයෙන් බැහැරවය යන්න බව අපගේ මතයයි.

එසේම ඡායාරූපයක් සතුව පවත්නා ප්‍රවෘත්තිමය ගුණයට අතිරේකව කලාත්මක හැඩතලයක්ද තිබෙන අතර දේශපාලන, සමාජ, සංස්කෘතික හා වෙනත් පැතිමාන ඔස්සේ ඒවා පිළිබඳ අර්ථකතන සම්පාදනය කළ හැකිය. විවිධ විචාර සම්ප්‍රදායන් හා ගුරුකුලවලට අනුගත වෙමින් ඡායාරූප අන්තර්ගතයන් කියවා ගැනීම කළ හැකි අතර එවැනි කියැවීම් පුද්ගලබද්ධ හා ගතික වීමද නොවැළැක්විය හැකිය.

එවැනි තත්ත්වයක් තුළ එබඳු පළකිරීමක් සම්බන්ධ බහුවිධ අදහස් හා මතවාද ගොඩනැගීමට අවශ්‍ය අවකාශය ආරක්ෂා කරනු විනා ඒවා ඉවත් කරගැනීමට බලපෑම් කිරීම දියුණු සංස්කෘතික ලක්ෂණයක් නොවේ.

එසේම කිසියම් ඍජු හෝ වක්‍ර බලපෑමක් මත එම ඡායාරූපය ඉවත් කරගන්නට ළහිරු හර්ෂණට සිදුව ඇත්නම් එය ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් කනගාටු විය යුතු තත්ත්වයකි. ඒ එම ඡායාරූපය කිසිසේත්ම ප්‍රකාශනයට ඇති අයිතිය හා අනුකූල නොවන්නක් වන බැවිනි.

එමනිසා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අතර මෙවැනි අවස්ථාවලදී සීමා කිරීම් පැනවීම වෙනුවට විසංවාදයට ඉඩ සළසමින් වඩා උසස් ප්‍රකාශන හා කලා සංස්කෘතික භාවිතාවකට පහසුකම් සලසන මෙන් සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිමු.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සම්ප්‍රාප්තිය අවස්ථාවේදී ජනාධිපති මාධ්‍ය ඒකකය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන්ද මෙලෙසම විවේචන පවතී.

ජනාධිපති මාධ්‍ය ඒකකය යනු ජනාධිපතිවරයාගේ මෙන්ම රටේ ප්‍රතිරූපය සම්බන්ධයෙන්ද අතිශය වැදගත් වගකීම් උසුලන ආයතනයක් වන අතර එය දේශපාලන පක්ෂයකට අයත් ව්‍යූහයක් ලෙස නොපැවතිය යුතු බව අපගේ අදහසයි.

සටහන-සත්සරණී

Related posts

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

එට්කා ඉක්මනින් අවසන් කරනවා අනුර ලගින් තබාගෙන මෝදි කියයි

Admin

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday

නාමල් ට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට දින නියම කෙරේ…

Admin

සයිටම් ගැන ජනපතිගේ අවසන් තීරණය සඳුදා !

colombotoday