Colombo Today Local Newsextremism & terrorism activities

පාස්කු කොමිසම පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කල මරාගෙන මැරුණු ජමීල්ගේ මාමාව ඇමති කෙහෙළිය ගුවන් විදුලි සංස්ථාට පත්කරලා.

දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල ජමීල් නැමැත්තාගේ සහෝදරියට තම පුත්‍රයා විවාහකර දුන් අහමඩ් මුනව්වර් නැමැත්තා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයේ උපදේශක සභාවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මීට මාස කිහිපයකට පෙර පත්කර ඇත.

පස් දෙනෙකුගෙන් යුත් උපදේශක මණ්ඩලයට මුස්ලිම් සලාහුදීන්, අහමඩ් මුනව්වර්, ෆස්ලුල් රහ්මාන්, ෆසාල් මරික්කාර් සහ රාසික් සරුක් පත්කර තිබුණි. ඔවුන් විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා විසින් අන්තවාදී දේශනා සිදුකරන බවට සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය විසින් ලැබුණු පැමිණිලි මත වාරණය කල පුජකයින්ට නැවතත් මුස්ලිම් සේවයේ අවස්ථාව ලබාදීම සඳහා උත්සහ කර ඇත. සභාපතිවරයා වාරණය කල පුජකයන් වන්නේ යුසුෆ් මුෆ්ති, ෆලීල් නලීමි, අබ්දුල් හාලික්, මුර්සිඩ් මුලෆ්ෆර් යන පුද්ගලයින්ය.

මේ පිළිබඳව අප මීට ඉහතදී වාර්තා කල පුවත…

අන්තවාදීන් ගුවන්විදුලියේ මුස්ලිම් සේවය ග්‍රහණයට ගැනීමේ දැඩි උත්සාහයක.

අහමඩ් මුනව්වර් පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සිංහල පිටපතේ 59 වන පිටුවේ මෙලෙස සඳහන් වේ.

අහමඩ් මුනව්වර් පත්වීම ලබාගත් අයුරු

“වහබ්වාදී වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා යම් කාලයක් පුරා විකාශය කළ බවට සාක්ෂි ද කොමිෂන් සභාව වෙත අසන්නට ලැබුණි. IS සහ වහබ්වාදයට එරෙහිව කතා කළ කෙනකුට ගුවන් කාලයක් ලබා නොදුනි. සාක්ෂිවලින් පෙනී යන්නේ අහමඩ් මුනව්වර් මේ සඳහා වගකිව යුතු බවත් ඔහුගෙන් ප්‍රශ්න කළ විට SLJI විසින් එම පුද්ගලයාට කිසිදු ගුවන් කාලයක් ලබා දීමට අකමැති බැවින් එය සිදුකළ බවත්ය. අහමඩ් මුනව්වර්ගේ පුතා විවාහ වී සිටින්නේ ජමීල් ගේ සහෝදරිය සමඟයි. කාල සීමාව නිසා අහමඩ් මුනව්වර්ට එරෙහිව කොමිෂන් සභාව කිසිදු සොයාගැනීමක් නොකරන නමුත්රී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස නිර්දේශ කරයි.

“ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් කාලය NIDA පදනම විසින් වෙනත් ආගම් වලට අයත් පුද්ගලයින් ඉස්ලාම් ආගමට හරවා ගැනීම සඳහා යොදා ගත් බවට සාක්ෂි ද අසන්නට ලැබුණි.”

මෙවැනි වාතාවරණයක් තුල ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ ඉවත් කිරීමට සියුම් සැලසුම් ක්‍රියාත්මක වී තිබිණ. දැන් දිග හැරෙන්නේ එම සැලසුම්වල දිගුවක් දැයි ප්‍රශ්නාර්ථයක් ජනතාව හමුවේ ඇත.

ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල දැන හෝ නොදැන උගුලකට හසුවී සිදුකල පත්වීම අවලංගු කර අන්තවාදීන්ගේ තෝතැන්නක් බවට ගුවන් විදුලි සංස්ථාව පත්වීම වැලක්වීමට පියවර ගැනීමට තවමත් පරක්කු මන්ද? තවදුරටත් එලෙස ප්‍රමාද වන්නේනම් මුනව්වර් මෙන් අනික් පුද්ගලයින් පිළිබඳවද ජනතාව දැනුවත් කිරීමට අපට සිදුවන අතර එය දේශපාලනිකව අග්‍රාමාත්‍යවරයාටත් අමාත්‍යවරයාටත් චෝදනා එල්ලවිය හැකි බව පමණක් මතක් කර තබන්නෙමු.

සබැදි පුවත්…

Related posts

ගෝඨා ගැන කළ ප්‍රකාශයට සිවිල් සංවිධානවලින් මංගලට කනේ පහරක්

colombotoday

නව බන්ධනාගාරය ඉදිකිරීමට නියමිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ජනපතිගේ නිරීක්ෂණයට‍

colombotoday

ගුරු මාරුවීම් වලට ආණ්ඩුවේ දේශපාලකයන් මැදිහත් වෙලා

Admin

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිට

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම : අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුලු 4කට ඇප

colombotoday