Colombo Today Local News

කෘෂිකර්මේ සල්ලි ගිලින “සබීතා පාය“ ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්…

කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැඟිල්ලෙන් එම අමාත්‍යාංශය ඉවත් කර මින් පෙර එම අමාත්‍යාංශය පිහිටා තිබු බත්තරමුල්ල ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සය පුද්ගල විද්වත් කමිටුවක් පත්කරනු ලැබ ඇති බව වාර්තා වේ.

මෙම කමිටුවේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර, සෙසු සාමාජිකයින් වශයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් වික්‍රමනායක, ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය, හිටපු සහකාර විගණකාධිකාරී ඩී.එල්.පී. ඩයස්, සිවිල් ඉංජිනේරු චන්දන එදිරිසූරිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නීති නිලධාරි එල්.ජී. හෙක්ටර් යන මහත්වරුන් පත්කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පිහිටා තිබෙන ගොඩනැඟිල්ල මෙම අමාත්‍යාංශය සඳහා කිසිසේත්ම උචිත නොවන අතර එම ගොඩනැගිල්ල සඳහා මාසිකව රුපියල් මිලියන 21කට අධික මුදලක් කුලිය වශයෙන් ගෙවීමට සිදුව ඇත.

එමෙන්ම මෙම බදු ගිවිසුම වසර පහකින් අවසන් වන අතර ඒ වනවිට මෙම ගොඩනනැඟිල්ල සඳහා ගෙවීමට සිදුවන මුදල රුපියල් මිලියන 950 ඉක්මවයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මෙහි බදු ගිවිසුමේ නීත්‍යානුකූල භාවය, මෙතෙක් කල් ගෙවා ඇති කුලී හා වෙනත් වියදම් පිළිබඳව කරුණු සෙවීම, ගිවිසුම අවසන් කිරීමට ඇති නෛතික හැකියාව යනාදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් කරුණු සොයා බැලීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එම කමිටුවෙන් ඉල්ලා ඇත.

එමෙන්ම මේ සම්බන්ධව වන අවසන් වාර්තාව හා නිර්දේශ මාස දෙකක් තුළ තමන්ට ලබා දෙන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කමිටුවට දන්වා තිබේ.

මේ අතර අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා නැවත ගොවිජන මන්දිරය ලබා දෙන ලෙස ඉල්ලා කතානායක කරු ජයසූරිය මහතා වෙතද ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ.

එමඟින් අමාත්‍යවරයා කියා ඇත්තේ අති දැවැන්ත මහජන මුදල් කන්දරාවක් වැය කරමින් මාසික කුලී පදනම මත ලබා ගෙන ඇති මෙම ගොඩනැඟිල්ල තවදුරටත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු සඳහා යොදා ගැනීම ජාතික අපරාධයක් බවයි.

මෙම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන අතර රාජ්‍ය ආයතන සඳහා කුලියට ගොඩනැගිලි ගැනීමේදී ගිවුසුම්වලට එළඹිය හැකි කාලය වසර තුනක් වුවත් මෙම ගොඩනැගිල්ල අවුරුදු 05ක් කුලී ගිවිසුමකට එළඹී තිබීමද ප්‍රශ්න සහගතය.

Related posts

ඡන්දෙට පොහොට්ටුව 9 වැනිදා වැඩ අල්ලයි.

colombotoday

හෙරොයින් කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට

colombotoday

උත්සව සමයේ බිත්තර ආනයනය සීමා කරයි

Admin

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

colombotoday

2017 දේශපාලන සැලසුම මහින්ද හෙළිකරයි

colombotoday

බලවතෙකුගේ සහයෙන් දුමින්ද සිංගප්පූරුවට.. “යහපාලනේ හෙළුවෙන් දුවන්න යයි“ කැෆේ කිපී මෙසේ කියයි

colombotoday