Colombo Today Local News

අප්‍රිකානු ජනතාවගෙන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටි

ගෝලීය ජනගහනයෙන් බිලියන 2.2ක් දරුණු ජල හිඟයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.

ජල හිඟය ලොව පුරා ගැටුම් උත්සන්න වීමට ද හේතුවක් විය හැකි බව එක්සත් ජාතීන් අවධාරණය කරයි.

එමෙන්ම බිලියන 3.5ක පිරිසකට ආරක්ෂිත සනීපාරක්ෂණ පහසුකම් සපයා ගැනීමේ හැකියාව ද නොමැති බව වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.

බිලියන ගණනකට බලපා ඇති ජල හිඟයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ, කාන්තාවන්ට සහ ළමයින් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.

වාර්තාවට අනුව ගෝලීය ජල හිඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අප්‍රිකානු කලාපීය රටවලට ය.

ඒ අනුව අප්‍රිකානු රාජ්‍යයන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටින බව වාර්තා වේ.

ලොව රටවල් 153ක් ජල සම්පත් හවුලේ පරිභෝජනය කරන බව විදෙස් වාර්තා පවසයි.

එනමුත් සහයෝගයෙන් ජල සම්පත් පරිභෝජනයට ගිවිසුම් ගත වි ඇත්තේ රටවල් 24ක් පමණී.

ඒ අනුව, පවතින තත්ත්වය හමුවේ ලොව පුරා ගැටුම් තීව්‍ර විමේ අවදානමක් ද පවතින බව එක්සත් ජාතීන් අවධාරණය කරයි.

Related posts

තවත් සති 2ක් පොදු ප්‍රවාහනයට සීමා..‍

colombotoday

කෑම කඩේ ඇතුලෙ තිබ්බ කුඩු කඩයක් වටලයි

Admin

සජිත්ගේ ‘හදවතට‘ එජාපයේ ඉඩක් නෑ… රනිල් පාර්ශවය දැඩි තීරණයක !

colombotoday

පුංචි කාලෙ ඉදන් ආසාවක් තිබ්බා… බදුල්ලෙන් මම පාර්ලිමේන්තු යනවා… වියත්මගේ මුල් 10 අතර මාත් ඉන්නවා – ඕෂධී

colombotoday

කුඩා රාවණා පරයේ අනතුරට පත් නෞකාවේ බඳ කොටසට හානි

colombotoday

හදිසි නීති හා මුදල් සංශෝධන පනත්වලට ජවිපෙ විරුද්ධයි

colombotoday