Colombo Today Local News

කුකුළු මස් මිල තීරණයටත් කමිටුවක් පත් කරයි

විද්‍යාත්මක දත්ත මත පදනම්ව කුකුළු මස් මිල තීරණය කිරීම සඳහා පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික කමිටුවක් පත්කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එම කමිටු වාර්තාව ඉදිරි සති දෙක ඇතුළතදී සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියන්න වෙත ලබාදීමට නියමිතය.

කුකුළු පැටියකු සෑදීම සඳහා යන වියදම, ජල වියදම, විදුලි ගාස්තු ආදිය මෙම කමිටුව විසින් නිරීක්ෂණය කර සම සහිත, සම රහිත, ජීව බර සහිත ආදී වශයෙන් කුකුළු මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන වියදම්ද ගණන් බැලීමට නියමිතය.

Related posts

හිස්බුල්ලා දිවයින පුරා ඉඩම් අක්කර 3000ක් අරන්. CID විමර්ශනයෙන් හෙළිවෙයි !

colombotoday

“රණවිරුවන් වෙනුවෙන් කතා කළ අපේ හාමුදුරුවෝ දිගින් දිගටම සිරගත කරමින් පළිගත්තා” – ප්‍රසන්න රණතුංග

colombotoday

ගලගොඩඅත්තේ හිමියෝ හබරණ ග්‍රාමීය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරති.

colombotoday

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට ඉදිරි තීරණ ගන්නවා

colombotoday

කරණම ලෑස්තියි… රිෂාඩ්, හකීම් ජනපති සමග අවබෝධතා ගිවිසුමක්…

colombotoday

“මා වැරදී මාධ්‍යවේදියෙකු ලෙස එසේ නොකීවේනම්.. අපි රටට ආදරේ පරම්පරාවයි” අගමැතිගේ අවලාදයට චතුර පිළිතුරු දෙයි

colombotoday