Colombo Today Local News

අනුරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (24)දින අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සහ එම කොමිසමේ සාමාජිකයන්, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය වරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, අල්ලස් කොමිසම, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කාර අනූර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ, අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු කිහිපයකට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි කිහිපයක් විභාග කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම තමන්වද එම චෝදනාවවලට “වගකිව යූතු පුද්ගලයෙකු” බවට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

අදාළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බව ද ඔහු පැවසීය.

Related posts

2018 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

colombotoday

“විපක්ෂ නායකකම ඒකාබද්ධයට ඕන“ – මහින්ද දැඩි ස්ථාවරයක

colombotoday

අලුත් ආණ්ඩුවේ සහන මල්ල ලිහයි… බදු තොගයක් අහෝසියි… VAT දෙගුණයකින් පහළට !

colombotoday

ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහලට

Admin

ගුරුවරයකුට පහර දුන්නැයි කියන ලංකා ගුරු සංගම් සභාපතිට ඇප

colombotoday

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday