Colombo Today Local News

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20)දින අත්සන් තැබුණි.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට අග්‍රාමාත්‍ය ශේයික් හසීනා මහත්මිය ඉදිරියේය.

ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්විමට අග්‍රාමාත්‍යවරුන් අතර ප්‍රථම හමුව පැවැත්වුණේ ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.

මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා විසින් බංග්ලාදේශ අගමැතිනියට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කළ බවය.

එහිදී ආර්ථික, ආයෝජන, වෙළෙඳ, තාක්ෂණ, කෘෂි සහ ධීවර කර්මාන්තය හා දේශපාලන සබඳතා ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

බංග්ලාදේශ අගමැතිනිය මෙහිදී පවසා ඇත්තේ, සාක් සංවිධානයේ කොවිඩ්-19 හදිසි අරමුදල යටතේ වසංගතය පාලනය කිරීමට අදාළ වෛද්‍ය උපකරණ තොගයක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන බංග්ලාදේශ වි ප්‍රභේද ලබාදීමටත් මිරිදිය කර්මාන්තය දියුණු කිරීම සඳහා සහයෝගය ලබාදීමටත් එකඟත්වය පළකර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සහ මිනිස් ජාවාරම මැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද දෙරට එකඟතාවක් ඇතිකරගත් බවය.

දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා 2022දී වසර 50ක් සම්පූර්ණ වීම හා ඒ ඔස්සේ පුළුල් දේශපාලන සබඳතාවක් ශක්තිමත් කරගැනීම පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු වි තිබේ.

ද්විපාර්ශවීය සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තැබීම සිදුවුණි.

ඒ තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික පරියේෂණ, වෘත්තීය දැනුම හුවමාරු කරගැනීම, සෞඛ්‍ය හෙද කාර්ය මණ්ඩල පුහුණුකිරීම, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යයනය සහ 2021 සිට 2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහන් සඳහාය.

මේ අතර බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මන් මහතාගේ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණි.

අනතුරුව, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡා පැවැත්වුණි.

Related posts

ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරු කළු කොඩි ඔසවයි

colombotoday

නඩු පිට නඩු වැටුණු කොණ්ඩයාව පොෂ් කළ උදුල් ප්‍රේමරත්නට පොලිසියෙන් නඩුවක්!

colombotoday

ඇලෝසියස්ගෙන් සල්ලි ගත් බව ඔප්පුකළොත් ඉල්ලා අස්වෙනවා – වියන්ගොඩ

colombotoday

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday

යාපනයේ දැරිය ඝාතනයේ වගකීම හමුදාවේ ගිණුමට ?

colombotoday

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday