Colombo Today Local News

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ

රට තුළ ගෑස් හිඟයක් නොමැති බැවින් ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ(17)දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රටේ ආර්ථික තත්ත්වය සහ වෙළෙඳපොළ සම්බන්ධයෙන් පැවැති සමාලෝචන රැස්වීමකට එක් වෙමිනි.

සහල්, පොල් , කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, රතුළුණු , අර්තාපල් එළවළු සහ ගෑස් ඇතුළු ජන ජීවිතයට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට සැපයීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය එකකය සඳහන් කළේ ය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ, ගෑස් සමාගම් මේ වනවිට මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා ඇති බවය.

මේ අතර එම සාකච්ජාවේදී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකය වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ, දැනට ක්‍රියාත්මක ආනයන පාලනයන් ලිහිල් කලහොත් එය මෙරට ගෙවුම් ශේෂය මත දැඩි පීඩනයක් ඇති කරනු ඇති බවයි.

දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම තුළින් විදේශ විනිමය ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම මහ බැංකු නියොජිතයින් මෙහිදී පෙන්වා දුන් බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය එකකය නිකුත් කළ නිවෙදනයේ සඳහන් විය.

Related posts

අපේ කතිර පොජ්ජෙන් සජිත් හුරා මන්දු කරන්නවා – වැද්දෝ 5ක් ගෙන්වා එජාපයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

ආනයනික සහල් වලට 45%ක බද්දක්?

Admin

නූතන දුටුගැමුණු දැම්මට සිංහලයා බෙදිල නිසා රාජපක්ෂලාට දිනන්න බෑ… දිනන්නේ දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබෙන යූ.ඇන්.පී. අපේක්ෂකයායි

colombotoday

ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානය වූහාන් ගුවන්තොටට ගොඩබැස්වීමට ශ්‍රී ලංකා රජය අවසර ඉල්ලයි !

colombotoday

ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් බවට ලැබුණු පැමිණිල්ලක් මත අයෙක් අත්අඩංගුවට

colombotoday

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් මහේෂ් සේනානායක දැක්වූ අදහස්

colombotoday