Colombo Today Local News

අසාද් සාලිගේ ප්‍රකාශය: CIDය පැමිණිලි කරුවන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි.

පසුගියදා අසාද් සාලි විසින් “අපිට කුරුවානයයි, හදීසයයි ෂරියයි තමයි අපේ නීතිරීති නම් අපි ඒක ගරුකරනවා මිසක් රජයේ නීති බලන්නේ නෑ. රජයේ නීති තියෙන්න පුළුවන්. රජයේ නීතිය රජයට. රටට. ඒක එක පැත්තක තිබිච්චදෙන්. අපේ රටාව ඇවිල්ලා අපේ නීතිය. කුරුවානයේ හදීස්, නබි තුමාගේ හදීස් එක. ඒ ඇරෙන්න අපිට ඊට මීට නීතියක් අපිට නෑ. අපි ඒක තමයි ගරු කරන්නේ” යනුවෙන් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් සමාජය තුල හටගෙන ඇති අතර ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ද ලැබී ඇත.

එවැනි වාතාවරණයක් තුල මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කල පූජ්‍ය පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමිගෙන් සහ ආන්දෝලනයට තුඩුදුන් මාධ්‍ය හමුව ආවරණය කල මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

කෙසේ වෙතත් අසාද් සාලිගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා නොවේ.

Related posts

අපට අවශ්‍ය ණය නොවේ.. ආයෝජනයි.. ජනපති චීන තානාපති හමුවේ කියයි

colombotoday

ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ඉදිරි දෙසතියේ

colombotoday

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

colombotoday

ජනාධිපති විඝණන අංශය හදිසියේම අමාත්‍යංශය හතක් වටළයි. හිටපු ඇමතිවරුන්ට වැඩ වරදී

colombotoday

රිෂාඩ්ගේ මියගිය මෙහෙකාර දැරිය: පරීක්ෂණ අසාර්ථකම් විමර්ශන ළමාරක්ෂක අධිකාරියට පවරගන්නවා.

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday