බ්‍රිතාන්‍ය රජ පවුල සමග තමා ගෙවූ ජීවිතය දුෂ්කර වූ බවත් සමහර අවස්ථාවල “තවදුරටත් ජීවත්වීම අවශ්‍ය නැහැ” යනුවෙන් තමාට හිතුනු බවත් සසෙක්ස් හි ආදිපාදිවරිය වන මෙගන් මාකල් පැවසුවාය.
ඔප්රා වින්ෆ්රේ සමග පැවති ටෙලිවිෂන් සාකච්ඡාවකදී ඇය පැවසුවේ මානසික පීඩනය අඩුකර ගැනීමට අවශ්‍ය සහාය ඉල්ලුවද එය නොලැබුණු බවය.
“රජ පවුලේ කෙනෙක් හැරීගෙන් අහලා තියෙනවා අපේ පුතාගේ සම කොච්චර කළු වෙයි ද කියලා. ඒක දැනගත් විට මම හුඟක් වැටුණා,” ඇය පැවසුවාය.
හැරී කුමරු සහ මාකල් 2020 මාර්තු මාසයේදී රජ පවුලේ වගකීම්වලින් ඉවත්විය.