SN10 නමින් හැඳින්වෙන ස්පේස්-එක්ස් රොකට්ටුවක් ඇමෙරිකාවේ, ටෙක්සාස් හි අත්හදා බැලීමේ සාර්ථක ගුවන්ගත කිරීමකින් පසුව ගොඩබෑමට යාමේදී පුපුරා ගොස් තිබෙනවා.
සමාගමේ ස්ටාර්ෂිප් අඟහරු රොකට්ටුවේ මූලාකෘතියක් වන ස්පේස්එක්ස් හි SN10 රොකට්ටුව සවස 5.15 ට පමණ වෙරළබඩ භූ දර්ශනයෙන් සැතපුම් 6ක් පමණ ඉහළට නැග සාර්ථක ගුවන් ගමනක යෙදී තිබුණත්, මීට පෙර සිදුකළ පරීක්ෂණ ගුවන් ගමන් දෙකක් අනුව යමින් ගොඩබෑමේදී යළිත් පුපුරා ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ගොඩබෑමත් සමග රොකට්ටුව පුපුරා යාමට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.