Colombo Today Local News

ලක්ෂ 38 ක ස්වර්ණාභරණ කොල්ලකා බෝට්ටුවෙන් පළාගිය කල්ලිය අල්ලයි

ඉකුත් පෙබරවාරි 08 වනදා ත්‍රිකුණාමල ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ වෙළදසැලකින් රුපියල් 38 ලක්ෂයක ස්වර්ණාභරණ කොල්ලකෑ කණ්ඩායම සම්බන්ධයෙන් පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

විවිධ අපරාධවලට සම්බන්ධව දැනට අතුරුදහන්ව සිටින අයිස් මංජු නැමැත්තකුගේ සහෝදරයකු විසින් මෙම සොරකම මෙහෙයවා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධව සැකකරුවන් 07 දෙනෙකු ත්‍රිකුණාමලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් ප්‍රදේශය ආශ්‍රයෙන් මුහුදු මාර්ගයෙන් පැමිණ කොල්ලකෑම සිදුකිරීමෙන් අනතුරුව නැවත මුහුදු මාර්ගයෙන්ම පළාගොස් ඇති බවට විමර්ශනවලදී තහවුරු කරගෙන ඇති බව වැඩි දුරටත් සඳහන් වේ.

Related posts

2022 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි

Admin

ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

colombotoday

ගංවතුර ගැටළුවට ලබන වසරේ විසඳුම්

Admin

“ජනපති සිංහනාද කළත් වැට් බද්ද දැන් ක්‍රියාත්මකයි” – ගම්මන්පිල

colombotoday

රනිල් නැවත වරක් ඉන්දියාවේ සංචාරයක

Admin

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday