Colombo Today Local News

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසමින් ඊයේ (23)දින උදෑසන නිවසකට ඇතුළු වී ඇති කණ්ඩායමක් එම නිවසේ මුදල් සහ භාණ්ඩ කොල්ලකා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රුපියල් 58,000ක මුදලක් සහ ජංගම දුරකථන 4ක් එළෙස කොල්ලකා ඇති බවය.

ඒ, බියගම පොලිස් වසමේ නිවසක ය.

මෙම කණ්ඩායම සිවිල් ඇඳුමින් අදාළ නිවසට ඇතුළු වී තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බියගම පොලීසිය සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇත.

සැකකරුවන් මත්දුව්‍යවලට ඇබ්බැහිවූවන් බවට අනාවරණය වී තිබේ.

පොලිස් නිලධාරීන් හෝ විමර්ශන නිලධාරීන් ලෙස පවසා නිවෙස් කොල්ලකෑම මේ වනවිට අපරාධකරුවන් ප්‍රවණතාවයක් කරගෙන ඇති බවට හඳුනාගෙන ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday

ජනපතිට – අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

colombotoday

නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

colombotoday

මාතලේ කොවිඩි පාලන සංචරණ සිමා කඩන්නවුන් සොයන්න යතුරු පැදි හමුදා කණ්ඩායමක්

colombotoday

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

යුද විරෝදී NGO වැඩ ගැන මහින්ද කියද්දී ඩිලාන්ගේ ඇහැට කදුළු ඇවිත්

colombotoday