World

ෆයිසර් එන්නත් දත්ත හැක් කළ බවට උතුරු කොරියාවට චෝදනා

එක්සත් ජනපද ඖෂධ සමාගමක් වන ෆයිසර් වෙතින් කොවිඩ් -19 එන්නතෙහි තාක්ෂණය සොරකම් කිරීමට උතුරු කොරියාව උත්සාහ කළ බව දකුණු කොරියානු බුද්ධි අංශ නිලධාරීන් සඳහන් කරයි.

දත්ත සොරකම් කර ඇත්නම් එය සිදු කළේ කුමට ද යන්න දැනට පැහැදිලි වී නැහැ.

දකුණු කොරියාවේ ජාතික බුද්ධි අංශ මෙම ප්‍රහාරය පිළිබඳ නීති සම්පාදකයින් පෞද්ගලිකව දැනුවත් කළ බව එරට යොන්හැප් (Yonhap) පුවත් ඒජන්සිය වාර්තා කරයි.

උතුරු කොරියාව තවමත් කොරෝනා වෛරස් රෝගීන් ගැන වාර්තා කර නොමැත. කෙසේ නමුත්, ඉදිරි සති කීපය තුළ ඇස්ට්‍රාසෙනෙකා-ඔක්ස්ෆර්ඩ් එන්නත මාත්‍රා මිලියන දෙකක් එරටට ලැබීමට නියමිතය.

චීනයේ වෛරසය පැතිරෙන්නට පටන් ගත් වහාම උතුරු කොරියාව පසුගිය වසරේ ජනවාරි මාසයේදී සිය දේශසීමා වසා දැමීමට කටයුතු කළා.

නොවැම්බර් මස දී මයික්‍රොසොෆ්ට් සමාගම කියා සිටියේ ෆයිසර් ඇතුළු අවම වශයෙන් සෞඛ්‍ය සමාගම් නවයක්වත් උතුරු කොරියාව සහ රුසියාවේ රාජ්‍ය අනුග්‍රහය ලද විවිධ සංවිධානවල ඉලක්ක වී ඇති බවය.

උතුරු කොරියානු ‘සින්ක් සහ සීරියම්’ ලෙස නම් කර ඇති කණ්ඩායම් මෙන්ම ‘ෆැන්සි බෙයාර්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන රුසියානු කණ්ඩායමක් මෙයට වගකිව යුතු බව මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර සිටිනවා.

Related posts

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 2000ක් ඉස්ලාමය අත හැර යයි.

colombotoday

දෙවියන් ශ්‍රේෂ්ඨයි කියමින් තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තබා ඝාතනය කළහැටි මෙන්න

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

Admin

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

colombotoday