Colombo Today Local News

වෙස්වලා ගත් විමර්ශන නිලධාරීන් විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා කොල්ලකයි

විමර්ශන නිලධාරීන් යැයි පවසමින් විහාරස්ථානවල මුදල් හා ඉතා වටිනා බුදුපිළිම සංවිධානාත්මකව කොල්ලකෑ පුද්ගලයින් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලීසිය පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (17)දින දහවල් කාලයේ දී කතරගම නගරයේ පිහිටි විහාරස්ථානයකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් කොළඹ අපරාධ විමර්ශන අංශයකින් යැයි පවසමින් එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ බියවද්දා ඇති බවය.

පසුව මංකොල්ලකරුවන් විසින් විහාරස්ථානයේ තිබූ ඉතා වටිනා බුදුපිළිමයක් හා ජංගම දුරකථනයක් ද රැගෙන ගොස් තිබේ.

මේ අතර, ඊයේ රාත්‍රී 7ට පමණ අහුංගල්ල පොලිස් වසමේ, බලපිටිය පාතේගම විහාරස්ථානයකට පැමිණි කණ්ඩායමක් විසින් තමන් බස්නාහිර පළාතේ විමර්ශන කණ්ඩායමක් යැයි පවසමින් එම විහාරස්ථානයේ වැඩවිසූ ස්වාමීන් වහන්සේ නමකගෙන් මුදල් කොල්ලකා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ සිදුවීම් දෙක සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් විමර්ශන නිලධාරීන් සෑම විටම හැඳුනුම්පතක් අතැතිව පැමිණෙන බැවින් එය පරීක්ෂා කර බලා අදාළ විමර්ශන සඳහා සහය දක්වන ලෙසත් කියා සිටියේය.

Related posts

ගාල්ලේ පෝර්ට් සිටිය හදන්න ඉඩ දෙන්නේ නෑ

Admin

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

සම්බන්ධන් කඩා පැනීම ගැන පොලිස් පරීක්ෂණවලට සහය නොදෙන්නැයි හමුදා නිලධාරීන්ට ඉහළින් නියෝග !

colombotoday

කරාපිටිය රෝහලෙත් සැත්කම් නවතයි

colombotoday

ඉන්දියාවේ සහයෙන් පළාත් සභා අහෝසි කරන්න දෙන්නේ නැ. උතුරු නැගෙනහිරට තනි පාලන බලයක් ඕනි. | සුමන්තිරන් කියයි.

colombotoday

පොලිස් මෙහෙයුමකදී සැකකරුවෙක් මරුට

colombotoday