Colombo Today Local News

කොළඹ වරායේ වෘත්තිය සමිති අරගලයට ත්‍රිකුණාමලය වරාය සේවකයෝත් එක්වෙති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට එරෙහිව වෘත්තිය සමිති මව් සංගම් ගෙන යන අරගලයට සහය දීමක් ලෙස අද(31)දින සිට ත්‍රිකුණාමල වරාය සේවකයන් අකුරට වැඩකිරීමේ ව්‍යාපාරයක් දියත් කළ බව ත්‍රිකුණාමල වරාය සේවකයෝ පවසයි.

මේ අනුව හෙට (01)දින සදුදා දිවා ආහාර විවේකයේදි ත්‍රිකුණාමල වරාය දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විමටද කටයුතු යොදා ඇති බව වෘත්තිය සමිති ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.

ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ඒ.සි.තොටවත්ත, වාණිජ හා ප්‍රගතිශිලි සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ජ්.කේ.රම්‍ය කුමාර, ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ සභාපති එච්. එම්. ඒ.හේරත්, සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ජි.පුණ්‍යසිරි සරත් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කල ඒකාබද්ධ නිවේදනයේ මේ බැව් දැක්වේ.

Related posts

ඇමති ආරක්ෂකයෝ විදෙස් තරුණියකට අතවර කරලා.. පැන යද්දී දෙන්නෙක් අල්ලයි

colombotoday

විමල් FCID යේ.. අත්අඩංගුවට ගැනීමට සූදානම් !

colombotoday

තේක්ක දැව කදන් ලොරියක් බලන්ගොඩදී අත්අඩංගුවට

colombotoday

ගෑස් පිපිරිම සංයුතිය වෙනස්වීමෙන් සිදුවන බවට පැතිර යන පුවත් අසත්‍යක් – කිසිදු තැනක එල්.පී. ගෑස් ටැංකි පිපිරීමෙන් සිදු වු අනතුරු කිසිවක් නැහැ

colombotoday

කෝටි 66ක මුදල් අවභාවිතය සාක්ෂි සහිතවම හෙළිවෙයි.. අර්ජුන් තවමත් සැපෙන්.. සුවෙන් !!

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන්න – සජබ යෙන් නිවේදනයක්

colombotoday