Colombo Today Local News

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට කැඳවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පැවසීය.

මහනුවර දිස්තික්කයේ නායයෑම් අධි අවදානම් කලාපයන්හි ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසාබැලීම පෙබරවාරි 24 වැනිදා සිදු වේ.

ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වැනිදා සැලකිල්ලට ගැනීමට නියමිත බව කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විශේෂ සාකච්ඡාවක්

colombotoday

කසළ ගොඩ ගැසේ.. කොළඹ ම දුගද හමයි.. වසංගත රෝග අවදානමක් ! සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

colombotoday

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday

හිරුණිකාගේ ගෙට හොරු පනී… ලක්ෂ 5කට අධික රන් බඩු පැහැරගනී…

colombotoday

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

Admin

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

colombotoday