ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අසන්ත ද මෙල් මහතා අද (27 වැනිදා) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ඒ මහතා 2017 වසරේ සිට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ශ්රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වශයෙන්ද කටයුතු කළේය. ඒ අනුව මීට දින කිහිපයකට පෙර අසන්ත ද මෙල් මහතා ශ්රී ලංකා කණ්ඩායමේ කළමනාකාර ධුරයෙන්ද ඉල්ලා අස්වූ අතර අද තේරීම් කමිටු සභාපති ධුරයෙන්ද ඉල්ලා අස්විය.